හද ගැස්ම – 2023 – August – 06

- පතිනි වලප-
සියුම් වත්සුනු නළල තවරන
කොකුම් අංජන සියොළගේ
දුහුල් සළුතිර යහන සැරසු
පතිනියයි මං නුබෙ ලොවේ…..
ආදරේ රස තනා මන්දිර
විදින විට අපි පෙම් සුවේ
හිතුනේ කොහොමද මට වඩා ඇය
රැදෙන බව ඔය පපුතුරේ……
කවියකට පද අරුත් රදවන
කදුළු බිදු ඇත නෙත් අගේ
රුදුරු ගොරසෙන්
නුබ නැසූ කල
ගිනි තැබුව මන් පඩිපුරේ……
රැකූ පතිදම් බලෙන් එදවස
ගිනිතැබුව මුත් පුරවරේ
දැනුනනම් මගෙ හිත දවපු ගිනි
නුබත් අළුවෙයි රන්කදේ ……
සලා සළඹක් දිවැස් හෙලමින්
බලා රැදෙනා මනුලොවේ
දන්නවද නුබ අදත් ඇත මෙහි
කෝවලන්ලා දස අතේ……
පලා පපු ගැබ නුබට පේවුනු
කන්නගී මං නුබෙ ලොවේ
අදත් මා ලග වැටී අයදින
සුසුම් වැල් දසතින් සැලේ….
A.M.G. නවෝද්‍යා
ඉතින් කුමකට වසග වෙනවද
වාරෙකට එන මල් නිසා
තනිය තනි නොකරනා
අරලියා මල් ඇති නිසා
ලස්සනට පෙනුනත්
වාරෙකට එන
රොබෙරෝසියා
හදේ ගින්දර මකාලන්නෙම
සුවද ඇති මල් අරලියා
පැනි වලින් මත් වෙලා
මියැදෙන්නෙ බබරුන්
වාරකන් මල් නිසා
එකම මලකින් මත් වෙනා
බබරු දුටුවද
මියැදෙනා ?
දිලූ පී. වික්‍රමආරච්චි
හැමදාම රෑ දෙගොඩ හරියට
මතක ලන්තෑරුම් එළිය මැද්දෙන්
හීනියට හූල්ලයි
මතක සිහි කර
මා ගිලන් වූ හිතත් එක්කම…
ප්‍රේමයෙන් පරාජිත
අපරාජිත හිත
සුවපත් කරන්නට
මා දරන වෑයම
මා නුඹට ප්‍රේම කෙරූ තරම්ම…
හිත අස්සෙ ගොඩ නගපු
කප්පරක් හීන බලාපොරොත්තු
තවමත් කං කෙඳිරි ගාමින්
මනස එක්තැන් කිරීමටවත්
ඉඩ නොදෙන්නෙ මන්ද?.
ආසම ගීතයක් කන් ඇබ අතරින් ඇසෙද්දී
වෙරළ තීරයේ සියුම් වාලුකා පහස මැද්දෙන්
තනිව පියමැන්නේ
දැවුනු සිත මදක් හෝ
නිවනු වෑයමකිනි…
රාගයෙන් මුසපත් ප්‍රේමණීය
හැඟුම් කැටි කොට ගත්
අර්ථයක් නැති ප්‍රේමණීය හිත්
වෙරළ ඉවුරෙ නොයෙක් තැන
සිටිනවා අකමැත්තෙන් වුව දුටීමි…
මදක් නිවෙන්නට
වරක් ඇවිද්ද
වෙරළ තීරයම
නැවත නැවතත්
දවා අළු කල සිතත් එක්කම
නොකල අමතක මතක සමගින්
මා නැවත හැරුනෙමි…
මධුසංඛ දිල්ෂාන්
ආල අඩව්ව……
හුඟක් ගෑනුන්ගෙ හිත් වල හීනයක් මරා
හිස්තැන් තබා සමහර පිරිමි ආදරය අහවර කරා
පුරවන්ට ඒ අඩුව ආවෙමි රාගයක් හිත දරා
අඩව් අල්ලනතුරු නවතිමි මම තමා පත්තිනි හොරා
රහසේම හඬන ගෑනුන්ගෙ කඳුල නිවන්න
මල්සරාටත් බැරි උනි හරි හීය විදින්න
අඩු නොකර උණුහුමින් උන්ව සනහන්න
යක් උනත් කුලේ නෑ පිරිමි බොට අඩුවෙන්න
පතොක් මල් පිපෙනකොට ගිනිගහන තැන්වල
රොන් උරන්නටවත් ඉතින් උන්නෙ නෑ බමරු බොල
ලං වෙද්දි මගෙ හිතට දැනුනෙ රස්නෙට හාදුවල
තනි වෙලා තෙත් උනේ ඒකමයි සුරඅන්තවල
යකා උනත් මම ඒකිට නෑ මගෙ කලුව පෙනුනේ
උඹෙන් හිස් උනු ආදරයෙ හුඟක් තැන් පිරුනේ
උඹට තරමට නෑ ඒ හදම රාගයෙන් දැවුනේ
ඒ උනත් ඈ නිසා මගෙ ගිනිගන්න හද නිවුනේ
බෙර නාදයට රිසි ලෙසින් එපා හදවතක් නටවන්න
ගෑනු ඇස් ඉනාවක් බැරිද බොට නවතින්න
හැරයන්න ලොබ වෙලා මහ පොලෙවෙ ඉපදෙන්න
කලු කුමාරයා උනු මටත් හිතුනා ඔන්න
පාළු සොහොනක තබා බෑ ඈව සනහන්න
ඒ නිසයි මට උනේ ඇගෙන් මග ඇරෙන්න
ආදරය නාමයෙන් යළිත් මල් පිපෙන්න
පපුව දීපන් ඒකිට ආයෙමත් පුසුඹ දැනෙන්න
හැමදාම එක හිතක් නෑ ඉතින් මට නවතින්න
ගිහින් ඇගේ නලලතින් එක හාදුවක් තියන්න
නෑ මගෙන් අහිතක් උනේ කිව්වෙ ඒකමයි දැනෙන්න
මොන දේ උනත් ආදරයක් තිබුනෙ නෑ ඒ හිතේ උඹට විතරක් ඇරෙන්න
කෞශානි ශාලිකා දිසානායකහිරිමයායේ
ගුලි වෙන්න සිපගන්න
හිටියේම නුබමයි
සැනසෙන්න සනසන්න
පැතුවේම නුබවයි
එක්වෙන්න හිමිවෙන්න
පිදුව මල් එමටයි
ඔය සිනහා
සිහිවෙන්න සිහිවෙන්න
ආලේ තව හෝමයි
යලි එන්න සිප ගන්න
මං තාම නුබෙමයි
තරින්දි රණවක
පුරාසද රැස් ගලන
එළි නොවන දිගු රැයක,
තුරුලු වී ඔය ලයට
සුසුම් පොදි විදගන්න..
මෘදු සිනිදු දෙතොල්පත්
තබා රලු කන කොනට
කාටවත් නොකී රස,
පෙම් කවක් කොදුරන්න..
රලු ගොරැඩි දෙඅත් වට
දෙඈගිලි දවටන්න
මුවින් මුව එක්කරන්
නෙත් වලින් හිනැහෙන්න
ඔබ සමග ඔබ එක්ක
මට එන්න අවසරද,
මේ සිහිනෙ මියැදෙන්න..!
හෙමල්කා ලිනාරා
ආදරණීය සඳවත
ඉතින් ඇති නැද්ද?
බලාහිදම විඩාවයි මට නම් දැන්
බලනවා මග මන් තවමත්
අනේ ඔබ හොදින් ඇති යැයි
සිතන්නෙමි මන් අදත්
ප්‍රියේ ඕනිමයි උබෙන්
හාදු වැස්සක් මට
හේදී යන්නට ගෙවුණු
කර්කශ ඉඩෝරය
ඉතින් ඒවිද නුඹ
රැගෙන ප්‍රේමය???
සශිනි කස්තුරිආරච්චි




























































