#Interview #Modeling #Photography #Rising Talents

සඳරු ලක්ෂිත Interview

ආයුබෝවන් සඳරු..! කොහොමද ජීවිතේ..?

ආයුබෝවන්!
මේ දවස් වල වැඩත් එක්ක ටිකක් කාර්‍යබහුල වුනත් ගොඩක් හොදින් ඉන්නවා.

සඳරු ලක්ෂිත කියන්නෙ කවුද කියලා මුලින්ම හැඳින්වීමක් කළොත්..?

ඔව්, මම ගැන කිව්වොත් මම සඳරු ලක්ෂිත. මගෙ පවුලෙ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි ඉන්නෙ. මම උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවෙන් කළේ. දැනට Software Engineering Degree එකක් කරනවා. දැන් අවසාන අවුරුද්ද යන්නෙ. ඊට අමතරව සඳරු ලක්ෂිත කියන්නෙ එකම දේකට සීමා නොවුන කෙනෙක් කිව්වොත් හරි.

වෘත්තිමය වශයෙන් Photographer කෙනෙක් වගේම Model කෙනෙක් විදියට අපිට ඔයාව ක්ෂේත්‍රයේදි දැක ගන්න පුලුවන්. මේ අංශ දෙකෙන් ගොඩක්ම කැමති මොන අංශයටද?

Modeling ගැන කතා කළොත් මම දැනට ලොකුවට ක්ෂේත්‍රයේ නැහැ. නමුත් ඉස්සරහට ගොඩක් දුරට දකින්න පුළුවන් වෙයි. ගොඩක්ම කැමති අංශය කියලා ගත්තොත් Photography වලට තමයි.

Photography එක්ක වැඩ කරන්න ගත්තෙ මොන කාලෙ ඉඳන් ද සහ සඳරු ඒ ක්ෂේත්‍රයට දක්වන කැමැත්ත ගැන කතා කළොත්?

Photography කරන්න ගත්තෙ මම 2020 ඉදන්. ඒත් මට ඒ කාළෙ වෙද්දි මගෙම කියලා කැමරාවක් තිබුණෙ නැහැ. Photographer කෙනෙක් කියන්නෙ, කෙනෙක්ගෙ විශේෂ දවසක් ලස්සන කරන කෙනෙක් කියලත් කියන්න පුළුවන්. මට වැඩක් දෙන කෙනෙක් වෙනුවෙන් මගෙ පැත්තෙන් කරන්න පුළුවන් උපරිමය මම කරනවා වගේම එයාලගේ හොද feedback තමයි photography වලට මගෙ තිබ්බ කැමැත්ත වැඩි කළේ.

Modeling වල ආරම්භය ගැනත් සඳහනක් කරමු නේද ඒ එක්කම..?

Modeling වල ආරම්භය කතා කළොත් මම නිරූපණය ගැන කිසිම ආසාවක් තිබුණ කෙනෙක් නෙවෙයි. යම් යම් ආයතන වල Brand Shoot වලට මම සම්බන්ද වුණා. ඊට පස්සෙ විශේෂ කෙනෙක්ගෙ ඉල්ලීම නිසා තමයි නිරූපණ ශිල්පියෙක් වෙන්න ආසාවක් ඇති වුණේ. ඒ වෙද්දි මම නිරූපණය ඉගෙන ගෙන තිබ්බෙ නැහැ. පස්සෙ මම ත්‍රිකලා ධරනි මැඩම්ගෙ Top Models Acedemy එකේ Modling Class ගියා. ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැනට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ටිකත් කරගෙන යනවා.

සඳරු මේ වෙද්දි මොන වගේ වැඩ කටයුතු වලටද සම්බන්ධ වෙලා තියෙන්නෙ?

Photography side එකෙන් ගත්තොත් Birthday shoots, Baby shoots, Wedding shoots, Pre shoot මම කරලා තියනවා. Modeling ජීවිතේ ගත්තොත් ඉස්සරහට ගොඩක් දේවල් එන්න තියනවා. ඉස්සරහට ඒ දේවල් දකින්න පුළුවන් වෙයි.

ඔයා දකින විදියට Photography කියන්නෙ මොන වගේ දෙයක්ද?

Photography කියන්නෙ කලාවක්. මගේ ජීවිතේ වැටුණ තැන් සහ අහිමිවීම් සුවපත් කරපු හිතට සැනසීම අරන් ආව එකම විනෝදාංශය තමයි ඒ.

අඩියෙන් අඩිය ඉස්සරහට යන ගමනෙදි හයියක් වුණ අමතක කරන්න බැරි මුහුණු ගොඩක් ඇති නේද?

ඔව් ඇත්තෙන්ම මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ මගෙ අම්මා තාත්තා හැමදාම මට හයියක් වුණා. ඒ වගේම තව විශේෂ කෙනෙක් හිටියා. වැටුණ හැම වෙලාවෙම හයියක් වෙලා මගෙ ළගින් හිටපු හැමෝටම මේ වෙලාවෙ මම ස්තූතිවන්ත වෙනවා.

ඇවිදන් ආපු දුර ගැන මොකද හිතෙන්නෙ සහ මුහුණ දෙන්න වුණ අභියෝග ගැනත් මතක් කරමු.

ඇවිදගෙන ආව දුරට වඩා තව ලොකු දුරක් යන්න තියනවා. දුෂ්කරම කාලෙ පහු කරලා ඉවරයි. ආව දුර ගැන නිහතමානි සතුටක් තියනවා. ඒ වගේම අභියෝග නම් ගොඩක් තිබුණා. කැමරාවක් නැතුව අසරන වුණ අවස්ථා ගොඩක් තිබුණා. සමහර shoot තිබ්බා කැමරාව rent එකට අරගෙන එන වෙලාව ඇතුලත වැඩේ Cansel කියලා Call ආවා. විනාඩි කිහිපයක් Location එකට යන්න Late වුණා කියලා බැනුම් අහපු. ඒ සිද්දිය ලොකු හේතුවක් වුණා අද මේ ආව ගමනට.

අවසාන වශයෙන් සඳරු, ඔයාගෙ අනාගත බලාපොරොත්තු ගැනත් සඳහනක් කළොත්?

බලාපොරොත්තු කිහිපයක්ම තියනවා. Sandaru Lakshitha photography බ්‍රෑන්ඩ් එකක් කරන එක තමයි මගෙ එකම හීනේ. ඒ වගේම නිරූපණ වැඩ කටයුතු කරගෙන, මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට වැඩ කරන එක තමයි මගෙ අනෙක් බලාපොරොත්තු.

Be Famous අපි එක්ක අද කතා බහට එකතු වුණාට ගොඩක් ස්තුතියි සඳරු ඔයාට. අනාගතය ලස්සන වෙන්න කියලා අපේ Team එකම ඔයාට සුබ පතනවා.

මට මේ අවස්ථාව ලබා දුන්නට Be Famous Magazine එකටත් ගොඩක් ස්තුතියි. ජය වේවා..!

සටහන
කවීෂා හංසනී ගමගේ

සඳරු ලක්ෂිත Interview

Hammus – Mr. Chef

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo