#Interview #Events #Modeling #Photography #Photoshoot #Rising Talents

තිසර රත්නවීර (Thisara Rathnaweera) – Director of EXCEL Productions

Photo එකකට වටිනාකමක් වගේම අලංකාරයක් එක් කරන ඔහු හෝ ඇය කවුද කියන එක වගේම ලාංකාවේ හොදම concept එකකින් කරපු The Best Photoshoot එක තෝරා පත්කරගන්නා PHOTOGENIC Sri Lanka 2023 හී නිර්මාපකයා වෙන්නේ ඔහු Director of EXCEL Productions තිසර රත්නවීර.

ඉතින් තිසර මේ දවස් ටිකේම මේ වැඩේට ගොඩාක් බිසී වෙලා හිටියේ. මං මෙහෙම පටන්ගන්නම්. අපි දන්නවා EXCEL production කියන්නේ field එකට අලුත් දේවල් දෙන්න උත්සාහ කරන තැනක්. මේ PHOTOGENIC SRI LANKA 2023 කියලා competition එකක් කරන්න හිතුවේ ඇයි?
මේ competition එක ගේන්න main point දෙකක් තිබ්බා. පලවෙනි එක අපි දැක්කා කොවිඩ් එකෙන් පස්සේ මෑතකාලීනව ගොඩාක් photo shoots release වෙන්න ගත්තා. ඉස්සර නම් professional models ලා තමයි එහෙම රිලිස් කරන්නේ . හැබැයි දැන් හැමකෙනෙක්ගේම birthday එකටත් ශුට් එකක් කරනවා. මේ දේත් එක්ක අපි දැක්කා මේ photo shoots වල හැදිලා තියෙනවා ලොකු competitive nature එකක්. මේ competitive nature එක ගැන වැඩිදුර කතා කලොත් ඒක model ට දැනෙනවා . ඒ වගේම editor ට , photographer ට , use කරන camera එකට, technology එකටත් දැනෙනවා. කොටින්ම කිවොත් shoot එක කරන concept එක dress එක මේ හැමදේකටම මේ competitive nature කියන එක ඇවිල්ලා තියෙනවා . අපි හිතුවා මේ ලොකු competitive nature එකක් හැදිලා තියෙන එකේ ඇයි මේකට තාම competition එකක් හැදුණේ නැත්තේ කියලා. ඉතින් අපි හිතුවා standard guidelines වලින් competition එකක් organize කරන්න. ඒ පලවෙනි එක. දෙවෙනි හේතුව තමයි මේ photo shoots ගොඩාක් release වෙනවා . viral වෙනවා. එක දවසකට එක ගානේ trending වෙනවා. සමාජේ ඉන්න social media users ලා එක එක විදිහේ comment දානවා. මේ මොඩ්ලර් හොදයි . මේක හොදයි. මේක හොද නෑ . එහෙම . ඉතින් ඒවාත් බලලා අපි හිතුවා හරි platform එකක් හදලා, හරි guidelines වලින් Expert panel එකක් හදලා මේ photo shoots වලට හරි judgement එකක් දෙන්න. එක සමාජයේ කොයි තරම් ඇගයෙන්න ඕනද , ඒ ශුට් එකට මොනවගේ තැනක් දෙන්න ඕනද, කියන දේවල් අපිට Expert panel එකකින් තීරණය කරන්න පුලුවන් නම් අපි හිතුවා එක ක්ශෙත්‍රයට දායාද කරන ලොකු දෙයක් කියලා. ඔය හේතු දෙක තමයි මේ competition එක හැදෙන්න හේතු වුණේ.

ඒ විදිහට මේ competition එක හැදෙද්දී මං දැක්කා. Expert panel එකේ විශේෂත්වයක්. ඒ ඇතුලේ ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය අය වගේම ක්ශෙත්‍රයේ ප්‍රවීණයන් හිටියා . අපි ඒ ගැනත් කියමු.
Expert panel එක තෝරද්දී මං කලින්ම හිතපු දේ තමයි මං දැන් තෝරන්නේ Best of the best photo shoot of Sri Lanka.ඉතින් එකේ ඇතුලේම තීයෙනවා මං තෝරන්නේ හොදම photo shoot එක කියන එක. photoshoot එකක් කියන්නේ model විතරක්ම නෙමේ . එක ලොකු production එකක් . ඒ production ක්‍රියාවලියේ makeup artistට, fashion designerට, cameraman ට කරන්න වැඩ තියෙනවා. මේවා එකතුවෙලා තමා ලස්සන photoshoot එකක් create වෙන්නේ. ඉතින් මට ඕන වුණා මේ හැම අංශයෙන්ම expert ලා හොයාගන්න. ඉතින් මං expert panel එකට phothographer, fashion designer, makeup artist, model, and මේ ක්ශේත්‍රයේ ලොකු අවබෝධයක් තියෙන කෙනෙක් එක්ක පස් දෙනෙක් තෝරගත්තා.

කොහොමද event එකට ලැබුණු ප්‍රතීචාර?
ප්‍රතිචාර හැමෝගෙන්ම ලැබෙද්දී මං ඒ ප්‍රතීචාර කොටස් දෙකකට බෙදනවා ඒ අපේ field එකේ ප්‍රවීණයන්ගේන් ලැබෙන ප්‍රතිචාර. අනික අපේ EXCEL productions වැඩ බලන් ඉන්න අපේ followers ලාගේ ප්‍රතිචාර. ප්‍රවීණයන්ගෙන් අපිට හිතාගන්න බැරි හොද ප්‍රතීචාර හම්බුණා. photoshoot වලින් කරන්න යන මේ concept එක ගැන වර්ණනා කලා. අනවශ්‍ය විදිහකට මේක වෙන පැත්තකට යන්න නොදී මේ හරහා හරි දෙයක් deliver කරගන්න පුලුවන් නම් හොද උත්සාහයක් කියලා. ඒ වචන ටික මට ගොඩාක් වටිනවා . අනික් පැත්තෙන් අපේ followers ලා අපේ වැඩ එක්ක හැම වෙලෙම ඉන්න අය එයාලත් හොද ප්‍රතීචාර දැක්වුවා. එයාලා දැක්කා, කිව්වා .බ්අපි වෙනස් ආකල්ප වලට photo shoot කරපු විදිහ තව experts ලා ඒවා විවිධ අංශ වලින් අගයපු විදිහ , ලකුණු දිපු විදිහ දැක්කා කිව්වා. එයාලාට ඉස්සරහටත් ශුට් එකක් කරන්න ඕන වුණාම experts ලා ඒ shoots අර්ථකථනය කරපු විදිහෙන් එයාලාට idea එකක් ගන්න පුලුවන් කියලා කිව්වා. අයදුම්පත් ලබාගන්න පටන් ගත්ත දවසේ ඉදන් ගොඩාක් අයදුම්පත් ආවා . එකත් මේ field එකේ හොද දැනුමක් තියෙන , කාලයක් තිස්සේ වැඩකරන අයගෙන් ආවේ. ඉතින් එකෙන්ම කියන්න පුලුවන් මේ event එක අපිට කොච්චර දුරට hit කරන්න පුලුවන් වුණාද කියලා. ඒවගේම production එකක් කරන කෙනෙක් විදිහට field එකට අලුත් දෙයක් වටිනා දෙයක් දෙන්න පුලුවන් වුණ එක ගැන මට සතුටුයී. මට මේකට ගොඩාක් response ආවේ photographers ලාගෙන් .මේ event එකේදී production එකට හොද තැනක් දුන්නා .expert panel එකෙන් ලකුණු දුන්නෙත් model ට 50% යි. photographerට 50%යි. ඒ 50% න් production side එක අගයන්න පුලුවන් විදිහේ වැඩක් කරපු එක ගැන එයාලා මට Thank කලා. එයාලාට මේවගේ ලොකු අවස්ථාවක් දුන්න එකට. models ලාට වගේම production එකටත් ලොකු වටිනාකමක් ලැබුණා. productions side එකේ අය ගොඩාක් සතුටු වෙනවා එයාලාව මේ event එකේ කොටසක් කරලා අගයපු නිසා. photographers ලා මේ කාලේ මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් තමයී. එයාලා මහන්සී වෙලා කරන දෙයක් නිකුත් කරද්දී එකට හරි copyright එකක් වත් දෙන්නැතුව එක නිකුත් කරනවා. ඒ වගේම original water mark එක මකලා fake watermarks දාලා publish කරන තත්වේට යනවා. සමහර models ලා එයාලාට තැනකට එන්න ඒ production එක release කලාට පස්සේ වැඩේ කරන්න මහන්සි වුණ photographer ට thank කරන්නේ නැතුව එයාලාගේ ගමන යනවා. ඉතින් හැම ලස්සන වැඩක් පිටිපස්සෙම කැමරාවේ පසුපස ඉන්න ඒ අය වෙනුවෙන් වෙනුවෙන් වැඩක් කරන්න හම්බවුණ එක ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම thank you so much මෙලනී and The Be famous team media partner විදිහට ඔයාලා අපිට ලොකු support එකක් දුන්නා.

ස්තූතීයී . තිසර . event එකේ තව තොරතුරැ ඔයාලාට ඉදිරි පිටු වලින් බලාගන්න පුලුවන්

මෙලනි ෆ්‍රිසන්කෝටන්

තිසර රත්නවීර (Thisara Rathnaweera) – Director of EXCEL Productions

Photogenic Sri Lanka 2023

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo