#Interview

මෙලනී ෆ්‍රිසන්කෝටන් – Official Writer

මෙලනි, ඉතින් කොහොමද? ආයුබෝවන් කියලා පිළිගන්නවා අද කතා බහට..!

ආයුබෝවන්..!

මෙලනි පාඨකයන් අතරට එන්නෙ අකුරු වලින් නෙ. ඒ නිසා අපි මුලින් අඳුන ගන්නත් එක්ක ඔයාගෙ විස්තර ටිකක් කතා කරලා ඉමු.

මගේ නම මෙලනී ෆ්‍රිසන්කෝටන්. කෙටියෙන් කිව්වොත් මං කාලාකාමී වගේම මිනිස්සු අතරේ ජනප්‍රිය වෙන්න try කරන, පවුලේ එකම ළමයා විදිහට හුරතලේට හැදෙන කෙල්ලෙක්. ඉන්නේ අතුරැගිරියේ. මගේ අම්මා සිංහල. තාත්තා ජර්මන්. මං ඉපදුණෙත් ජර්මනියේ. මං ඉගෙන ගත්තේ කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් වන මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ. මම O/L s වෙනකම් තමා ඉස්කෝලේ ඉගෙනගත්තේ .

මේ වෙන කොට මෙලනි කියන්නෙ Writer කෙනෙක් වගේම Model කෙනෙක්..! මේ ක්ෂේත්‍ර දෙකෙන් ඔයා වැඩිපුරම කැමති මොන ක්ෂේත්‍රයටද?

ඇත්තටම දෙකෙන් එකක් කියලා තෝරගන්න අමාරුයි. මොකද ඒ ක්ෂේත්‍රයන් දෙකටම මං ගොඩාක් කැමතියි . ආදරෙයි. ජිවිතේ ඉදිරි කාලයේදී මට දෙකෙන් එකක් තෝරගන්න වුණොත් ඒ කාලේට ගැලපෙන දේ තමා මට තෝරගන්න වෙන්නේ. එහෙම වුණොත් ඒක මගේ ජිවිතේට හම්බෙන ලොකුම අභියෝගය වේවී.

ඔයා මුලින්ම ලියන්න පටන් ගත්තෙ කොහොමද?

මං මුලින්ම ලියන්න පටන්ගත්තේ මගේ diary එකේ.. මගේ සිතුවිලි , මගේ ජිවිතේ ට හම්බෙන මිනිස්සු , ජිවිතේ විදපු අත්දැකිම් , සිදුවිම් මං එකේ අකුරු කළා. ගොඩාක් දේවල් කවි වගේ; තව ඒවා නිසදැස් වගේ. තව ඒවා රචනාවක් වගේ. එයින් ගත්ත සමහරක් දේවල් මං fb එකේ upload කලා. Professional විදිහට writing පටන් ගත්තේ Be famous එක්ක තමා.

Be Famous Magazine එකත් එක්ක වැඩ කරද්දි ලබන අත්දැකීම මොන වගේද කියලත් අපි කතා කරමු.

මට තැනක් දුන්නේ Be Famous. එකට අපේ Owner නිශාන්ත අයියාට Thank You So Much කියලා කියන්න ඕන.ගොඩාක් අත්දැකිම් ලැබෙනවා. විවිධාකාර මිනිස්සු මුණගැහෙනවා. විවිධාකාර ජිවිත කතා හම්බෙනවා. ඒ සමහර පුදගලයන්ගෙන් කතා වලින් මං අලුත් දෙවල් ඉගෙනගන්නවා. Be Famous කියන්නේ මගේ ජීවිතේ ලොකු වෙනසකට මගක් වුණ දෙයක්.

Modeling වලට යොමු වුණේ මොන කාලෙද සහ දැනට මොන වගේ වැඩද ඔයා කරලා තියෙන්නෙ කියලත් මතක් කරමු.

ඇත්තටම මං ඒ field එකට අලුත්. අලුත් කියන්නේ ගොඩාක් අලුත්. මං තවම ඒ field එක ගැන කරුණු හදාරගෙන වැඩ කටයුතු කරගෙන යන්නේ. මේ field එකේ යන්න ඕන ගමන හරිම පරිස්සමින් යන්න ඕන ගමනක්. මඩ වලින් පිරැණු පාරවල් තමා ගොඩාක් හම්බෙන්නේ. ඉතින් මට ගැලපෙන විදිහේ, මං හිතන විදිහේ වැඩක් ආවෝත් මං අනිවාරෙන්ම සතුටින් ඒවාට දායක වෙනවා.

මෙලනි වැඩ කරද්දි ඔයාටම දාගත්ත Self Rules මොනවද?

Writing වලදි මට Rules නෑ. එකෙදී මගේ නිදහස උපරිමයි. හැබැයි Modeling Field එකේදි මගේ අනිවාර්ය වෙච්ච Self Rule එකක් තියෙනවා. ඒ තමා මං Hot Type Shoots වලට සම්බන්ධ වෙන්නේ නෑ. එක මගේ විදිහට ගැලපෙන්නේ නෑ. ඒ Type Shoot වලට හොද Income එකක් තිබ්බට, එකෙදී body එක ඕනවාට වඩා ප්‍රදර්ශනය වෙනවා. මං කැමති මගේ විදිහට මිනිස්සුන්ගේ ආදරය, ගරුත්වය එක්ක තැනක් හදාගෙන ජනප්‍රිය වෙන්න.

ආදරය සහ ඔයාගෙ ජීවිතය අතරෙ තියෙනෙ මොන වගේ සම්බන්ධයක් ද?

ඇත්තටම මං ජිවිතේ දී ගොඩාක් ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක්. ජීවිතේ වෙනසක් ඇති කරන්න ආදරයට පුලුවන්. මට තවම පෙම්වතෙක් නෑ. හැබැයි මං ඒකපාර්ශ්වික ආදරයේ රසය විඳිනවා. රැකවරණයක්, පිරිමියෙක්ගේ උණුහුමක්, ඉදිරිගමනට ශක්තියක්.. ඒ වගේ ආදරයක් තමා මං හොයන්නේ. කවදාහරි මට ආදරේ කරන කෙනාගේ සතුට තමා මට වටින්නේ. ජිවිතේ දී මං තනිකමට කැමති නෑ. මං ආස මිනිස්සු අතරේ ඉන්න.

අවසාන වශයෙන් අනාගත බලාපොරොත්තු ගැන මතක් කළොත්?

මගේ ලොකුම Goal එක Actress කෙනෙක් වෙන එක. තව මට ඕන Social Services කරන්න. හැම ළමයෙකුගේම හීනයට ශක්තීයක් වෙන්න. තව මගේ ආසාවක් තියෙනවා මගේ සිතුවිලි පොතකට අකුරු කරලා ලෝකෙට දෙන්න.

ඒ හැම හීනයක්ම පාට කරගන්න මෙලනි ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා Be Famous අපි සුබ පතනවා. ස්තුතියි අද කතා බහ රසවත් කළාට.

මං වෙනුවෙන් කාලයක් වැය කළාට ඇත්තටම බොහොම ස්තුතියි. හැමෝටම ජය..!

සටහන
කවීෂා හංසනී ගමගේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo