#Health

ඔසප් වීම වේදනාවක්

වේදනා සමනයට නිවසේදි කළහැකි ප්‍රතිකාර
කාන්තාවන් බොහෝ දෙනෙක්ට ඔසප් සමය වේදනාකාරි මෙන්ම අපහසුතාද ඇතිකරවන්නක් වෙනවා,අපි අද ඊට හේතුවන කරුනුත් ඉන් මිදෙන්නට හැකිවන දේ පිලිබඳව කතාකරමු….

⭕️ඔසප් වේදනා ඇති වන්නෙ ඇයි?

මෙහිදි උදරය ඉන හා පිටුපස ප්‍රදේශය කලවෙ අවට අපහසුතාවයක් දැනිම සාමාන්‍ය දෙයක්
ඔබේ ගර්භාෂයේ මාංශපේශි හැකිලිම හා ගෛඩනැගී ඇති ශ්ලේෂ්මල ඉවත් කිරිම සිදුවෙනවා.සමහරවිට ඔබට කැක්කුම අත්විඳිය හැකි වන්නෙ ඔබේ මාංශ පේශි වැඩ කරන නිසයි….


⭕️ඔසප් විම වඩාත් වේදනාකාරි විමට හේතු?
📌අධික රුධිර වහනය
📌වයස අවු 20ට අඩු විම
📌ගර්භාෂයට බලපාන ශරීරයේ ඇති සංයෝගයක් වන ප්‍රොස්ටැග්ලැන්ඩින් වලට අධි නිෂ්පාදනය හෝ සංවේදිතාවයක් තිබිම
📌එන්ඩොමෙට්‍රියෝසිස්(අසාමාන්‍ය ගර්භාෂ පටක වර්ධනය)
📌උපත් පාලන ක්‍රම

සාමාන්‍ය කැක්කුම් සඳහා නිවසේදි පිලියම් කර ඉක්මන් සහනය ලබාගත හැක.
🔖වේදනා අඩුකල හැකි ක්‍රම🧷🧷🔖

🖊️සව් පානය
මගේ අත්දැකිමට අනුව ඔසප් සමය තුල සව් පානය කිරිමෙන් ඉක්මන් සහනය ලබාගත හැක.සව් මඟින් ශරිරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවයි.
ඇතැම් කාන්තාවන්ට කකුල් වෙව්ලිම,ඇඟ පණ නැති ස්වභාවය,කරකැවිල්ල වැනි ලක්ෂණ සුලබව දක්නට ලැබේ.මෙම පානයෙන් ඉක්මන් ප්‍රතිපල ලැබේ

🖍️වේදනා දෙන ප්‍රදේශ උණුසුම් කිරිම
උදරයට හා පිටුපසට උනුසුම යෙදිමෙන් වේදනාව සමනය කරගත හැක.නිවසේ තිබෙන වීදුරු බෝතලයකට මද උනුසුම් වතුර දමා බඩ යට තබා ගැනිම ප්‍රමාණවත්ය තවද උනුසුම් ජල ස්නානය,උනුසුම් තුවායක් බඩ යට තබා ගැනිම උචිතය

🖍️හොඳින් වතුර පානය කිරිම
ඔබට විශේෂ දෙයක් ලෙස නොපෙනෙන්නට හැකිය.නමුත් ජලය පානය කිරිමෙන් ඔසප් වේදනාකාරි විම හා බඩ පුරවා දැමිම වැළකේ.
වැඩිපුර වතුර අඩංගු එලවලු පලතුරු ආහාරයට ගැනිම යෝග්‍යය
1 කෝමාරිකා පානය
2 සලාද කොළ වර්ග
3පිපිඤ්ඤා
4 පැණි කොමඩු
5තැඹිලි
🖊️සමහර ආහාර ගැනිමෙන් වැලකිම
මේද සහිත ආහාර
මත්පැන්
කෙබනාකෘත බීම
කැෆේන් සහිත ආහාර ඔසප් සමයේදි අවම කිරිම කැක්කුම් සහනයට උපකාරි වේ
ඉඟුරු හෝ මින්ට් තේ හෝ ලෙමන් සමඟ රසකල උණුවතුර පානයද උචිතය

ඔසප් වේදනා සමනය කිරිමට මේ සියල්ල සමග සමබල ආහාර වේලක් හා සුවබර දිවා පැවැත්මක් ඇතිකරගත යුතුයි
ඒ කිසිවකින් වේදනා සමනය නොවන්නේනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනිම සුදුසු ය.

🖌️දිනක්ෂි අනුසරි
(වෛද්‍ය ශිෂ්‍යාවක විසිනි)
Ningxia Medical University China

ඔසප් වීම වේදනාවක්

ඇලන් 8

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo