#Interview #Music

Dimi3 – Interview

Wedding එකක play වෙන සිංදු ලිස්ට් එකක අනිවාරෙන්ම මෙයාගේ සිංදුවක් තියෙනවා වගේම Dimi3 කියන නම අහපුවාමත් අපිට මතක් වෙන්න සිංදු සෙට් එකක් තියෙනවා . ඉතින් අද අපේ කතාව එයා එක්ක.

ආයුබෝවන් Dimi3 කොහොමද ඉතින් මේ දවස්වල?

මේ දවස්වල ඉතාමත්ම වැඩ අදිකයි, සංගීත සංදර්ශණ සහ සහෝදර ගායක ගායිකාවන්ගේ ගීත නිර්මාණ කටයුතු එක්ක කාලය ගෙවීගෙන යනවා

ජුලී මාසේ රීලීස් වුණ ඇල්ලුවාට ලැබෙන රසික ප්‍රතීචාර කොහොමද?

ඇල්ලුවා කියන්නේ FM Derana නාලිකාවට හදපු jingle එකක්. මම හිතනවා පස්ස ගීතයට වගෙම ඒ jingle එකටත් ප්‍රේක්ෂක පිරිස කැමති ඇති කියලා

ආරංචී වුණ විදිහට පස්ස ඉන්දියාවට යන්න හදන්නේ. ඒ සතුට ගැනත් අපි කියමු.

ඔව් පස්ස ගීතය Vijay Antony ඔහුගේ අලුත්ම සිනමා චිත්‍රපටියේ ගීතයක් ලෙස තෝරාහත්තා. ඒ ගැන නිහතමානී සතුටක් තියනවා

ඔබේ ආරම්භය ඉදලා මේ වෙනකම් ආපු ඔයාගේ කලා ගමන ගැන මොකද හිතෙන්නේ?

ගොඩාක් හිත හයිය කරගෙන ආපු ගමනක්. හැම හැගීමක්ම පිරුණු ගමනක්

Dimi3 ඔයාගේ සිංදු වලින් ඔයා කැමතීම සිංදුව මොකක්ද?

ඔබයි ආදරී

මං හිතන විදිහට දීමීත්‍රී කියන්නේ නැව ගිලුන බැං චුං චරිතයක් .

මමත් කැමතී එහෙම වෙන්න

Dimi3 කියන්නේ කොල්ලෝ කෙල්ලන් අතරේ ගොඩාක් famous brand එකක්. ඒවගේම එකෙන් වෙනස් විදිහේ වචන , ආකල්ප තියන සිංදු තමයි අවුට් වෙන්නේ ඒකට හේතුව මොකක්ද?

ඒකට හේතුව මම maintain වෙන්න කියලා එක විදිහකට කොටු උනේ නැති එක. මනුස්සයෙක් විදිහට එක එක වෙලාවට එක එක හැගීම්, සිතුවිලි එද්දි ඒවා මම පිටකරේ ගීත නිර්මාණ විදිහට.

ඉතින් තමන්ගේ හැගිම් සිතිවිලි ගීත වලින් පිට කරන නිර්මාණකරැවෙක් තමා Dimi 3 කියන්නේ. ඉතින් thank you so much මේ වැඩත් එක්ක අපි එක්ක ලස්සන කතා බහකට එකතුවුණාට. ඉදිරියටත් ලස්සන නිර්මාණ කරන්න ලැබෙන්න කියලා හදවතින්ම Be famous අපි ප්‍රාර්තනා කරනවා.

එසේම වේවා! Thank you So much Be famous

මෙලනී ෆ්‍රිසන්කෝටන්

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo