#Interview #Photography

Di La Photography – Interview

ආයුබෝවන් දිලා..! කොහොමද ජීවිතේ..?

ආයු බොහෝ වේවා…! හරිම සැහැල්ලුවෙන් හිනාවෙන් ජීවිතේ ගෙවෙනවා. ලස්සන මතක තරුණ් කාලෙ එකතු කරනවා කියලත් හිතෙනවා. මොකද හැමදාම ජීවත් වෙන්නෙ අලුත් ඡායාරූප එක්ක නිසා

දිල්රංග ශෙහාන් වීරසූරිය කියන්නෙ මොන වගේ චරිතයක් ද ඔයාට හිතෙන විදියට..?

මට හිතෙනවා මම දක්ශයෙක් කියල මගෙ ෆීල්ඩ් එකේ.. තමන්, තමන් දැක්කොත් විතයි චරිතයක් විදියට ගමනක් තියෙන්නෙ.

ලස්සන හිනාවකින් තරුණ හදවත් හොරකම් කරනවා කියලා මම කිව්වොත් ඒක පිළිගන්නවද..?

ඔව් අනිවායෙන්ම පිළිගන්නවා. මොකද මට ලැබෙන ආදරේ ලැබෙන ප්‍රතිචාර වලින් ඇස් පනා පිටම එක ඔප්පු වෙන නිසා. මටම පුදුමයි වෙලාවකට ඇයි මම එක්ක මෙච්චර මිනිස්සු Photos ගන්නෙ කියලා. මට හිතෙන්නෙ මම හරි වාසනාවන්තයි, මට හරි ආදරෙයි කියලා. තාම මම පෙම්වතාගෙ චරිතෙ රඟපෑවට මම වගකීම් කන්දක් දරන චරිතයක්.

දක්ෂ Photographer කෙනෙක් වෙන්න Photography කලාව පටන් ගනිපු විදිහ මතක් කළොත්..?

හරි කටුකයි. අතේ තිබ්බ Phone එක විකුනලා පටන් ගත්තු ගමනක් මේක. නමුත් මේ වෙද්දි ඡායාරූප පාඨමාලා ගුරුවරයෙක්. අපි කැප වෙන්න ඕන ඕනෑම දෙකට. ඕනෙම කෙනෙක්ට කරන්න බැරි දෙයක් නෑ. එදා මට Phone එක නැති වුණාට අද මට Phone දහයක් ගන්න සල්ලි තියනවා.

Di La Photography ගොඩනැගුණ විදියත් අපි ඊළඟට කතා කරමු.

අපි හෙමින් ආපු ගමනක් මේක. මගෙ මහන්සිය විතරක් නෙවේ, මම හැමදාම වගේ කියන කතාවක් මේ, මගෙ ටීම් එක නැත්තම් මම අද මෙතන නෑ. විශේෂයෙන් පසිදු, කසුන් , මාලක කියන්නෙ මගෙම සහෝදරයෝ වගේ.. එයාලත් ගොඩක් මහන්සි වුණා මේ තැන හදන්න. අපි Bike වල Shoot වලට ගිහින් තෙමිලා තියනවා. දැන් අපිටම කියල වාහන දෙකක් තුනක් Photography වලටම දුවනවා. ඒක තමයි අපේ මහන්සිය. මේක කියවන, අලුත් ඕනම කෙනෙක්ට මම කියන්නෙ මාව ආදර්ශට ගන්න; වරදින්නෑ කවදාවත්.

මේ වෙද්දි දිල්රංග වටේට ලොකු Fan Base එකක් හැදිලා ඉන්නවා. ඔයාට හිතෙන විදියට Photographers ලා අතරින් ඔයා ඔයාව Brand එකක් කළේ කොහොමද?

මගෙ හිනාව මාව මිනිස්සු අතරට අරන් ගියා. අනික මගෙ දක්ෂකම; මිනිස්සු මාව මිලදී ගත්තා. දෙකම එකතු වුණ තැන මම සාර්ථක වුණා. ගොඩදෙනෙක්ට හැමදේම දෙවියො දෙන්නෑ. ඒකට වාසනාව ඕන කියලා මට හිතෙනවා. දක්ෂයො ඇති ඕන තරම්, හැබැයි තමන් තමාව හොයාගත්ත තැනදි, ඔය හැමෝම පරාද වෙලා තමන් brand එකක් වෙනවා වෙනවාමයි..!

ටික ටික ඉස්සරහට එද්දි මුහුණ දීපු අභියෝගත් ගොඩක් ඇති..?

ජීවත් වෙනවා කියන්නෙ අභියෝගයක් තමයි. කතාවක් තියෙන්නෙ, හොඳ කපිතාන් කෙනෙක් බිහි වෙන්නෙ රළ සැර මුහුදෙ කියලා.. ඒ වගේ හිතලා අපිට ආව ප්‍රශ්න අපේ හොදට කියල..
ඒවා මතක් නොකර ඉමු, මොකද කාවවත් රිද්දලා Hint ගහලා යන්න ඕන ගමනක් නෙවෙයි මේක.

Photography එක්ක ජීවිතේ දිනන්න ඕන කියලා හිතුවෙ ඇයි..?

මට ඕන වුණා කාටවත් යටත් නොවී තමන්ගෙම කියලා දෙයක් කරන්න. කාගෙවත් වෙලාවට වැඩට හිහින් කාටවත් ඕන වෙලාවට වැඩ ඇරෙන්න මම ආස වුණේ නෑ. මගේ පළවෙනි Job එක Photography. ඉතින් ඒක සාර්ථක වුණා.

ජීවිතේ වැඩියෙන්ම දුක හිතුණ දවස මතකද?

තාම එහෙම දවසක් උදා වෙලා නෑ මට. මට ආදරේ අය මට දුක හිතෙන දවසක් උදා කරන එකක් නෑ කියල මම හිතෙනවා.

Photography එක්ක මේ වෙද්දි ලබා ගනිපු ලොකුම Achievement එක මොකක්ද ඔයාට හිතෙන විදියට..?

මම ගුරුවරයෙක් වුණ එක කියලා මං හිතනවා. මොකද දරුවෙක්ට උගන්නනවා. ඒක තමයි මේ ලොකේ තියෙන උතුම්ම රැකියාව. ඊට එහා දිනන්න දෙයක් නෑ. Photography වලින් මම දිනලා ඉවරයි. දැන් තියෙන්නෙ අනිත් දිනන අයට උදව් කරන්න.

ඉතින් දිලා, මොනවද අනාගත බලාපොරොත්තු?

මේකෙම ඉන්න ඕන, මම Photo හැමදාම ගහන්න ඕන කියල බලාපොරොත්තු නෑ මට. අපේ මේ Trend එක තව ටික කාලයක් වෙයි. ඒ වෙනකන් මම බාරගන්න Photo Shoot 100% ලස්සනට නිමා කරලා, අලුතින් මේ Field එකට එන දරුවෙක් දිහා බලාගෙන, මම ලස්සනට මේ Field එකට සමු දෙන්නයි මගේ අදහස. මොකද එහෙම නොවුනොත් අපිත් දේශපාලුවෝ ගානට වැටෙයි.

අවසාන වශයෙන් Be Famous Magazine එකත් එක්ක කතා බහකට එකතු වෙන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නෙ?

හරිම සතුටුයි දක්ෂයන්ගෙ අදහස් විමසන හොයන එක ගැන..! ඔයා නොදන්නවා වුණාට මේ අදහස් වලින් එක මනුස්සයෙක් ජීවිතේ ගොඩ ගියොත්, ඒ පින ඔයාලටත් අයිතියි. හැමදාම ඉස්සරහට මෙ වගේ වටින දේවල් කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම මාව තොරගත්ත එකට බොහොමත් ස්තුතියි..! ජයෙන් ජය..!

බොහොම ස්තුතියි දිල්රංග ලස්සන වගේම රසවත් කතා බහකට අද එකතු වුණාට. ජය වේවා..!

සටහන
කවීෂා හංසනී ගමගේ

Di La Photography – Interview

LASIDU Photography

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo