#Story

ඇලන් – Part 6

මගෙ විනෝදාංශ තමයි ,

නිදහස් තැනක ඒ කියන්නේ
මගෙ කාමරෙ ඕනම තැනක
හිතට එන දේවල් අකුරු කරන එක.

ෆෑන් එකට මූණ අල්ලන් සිංදු අහන එක.

මගෙ කනට විතරක් ඇහෙන්න
හයියෙන් සිංදුවක් අහගෙන නටන එක.

කාමරේ අස් කරන එක.

ඔය හතර තමයි විශේෂම මට !

_ _ __ කියන චරිතය ඇලන් විදියට
මගෙ ජීවිතයට ලං වෙන්න පටන් ගත්ත
දවස පටන් තව විනෝදාංශයක්
මේ ගොඩට එකතු වුනා

ඒ තමයි අපි දෙන්නගෙ
අදහස් හුවමාරු වෙන
එයාගෙ ඉන්බොක්ස් එක
මුල ඉදන් අගට කියවන එක

ඒ කියවීම අතීතයේ කියවීමට වඩා වෙනස් !

ඒ මට ආයෙ ආයෙ අලුත් හැඟීමකින්
කියවන්න හිතෙන තරමට
ඇලන් පිට කරපු හැම වචනයක්ම
හරි ලස්සන හින්දා

මම එයාට මුල්ම කාලෙ කියපු දෙයක් තිබ්බා °

” ඔයා එක්ක කතා කරපු
එක වචනයක්වත් මට එපා වුනේ නැහැ “

ඔව් ඇත්තටම මගෙ තවත් විනෝදාංශයක් වුනා
ඔයා එක්ක වචනයක් හරි කතා කරන එක !

දැන් ඒක මටත් නොදැනිම පුරුද්දක් වෙලා …..

ඔයත් මට කියපු දෙයක් තිබුණා °

” මම ඔයාට උපදෙසක් දෙන්නම්
මාත් එක්ක වැඩිය කතා කරන්න එපා
මොකද මම sweet talker
කෙනෙක් කියලා කියනවා ,
කතාවට රැවටෙන්න එපා ……..”

මට අදටත් ඒ කාරණාව
මතක් වෙනකොට හිනා යනවා

කවුරු කිව්වත්
ඒ කටට මසුරන් දාන්න වටිනවා

ඔව් ඇලන් මට විශේෂ වෙලා

මම එදා ඇලන් ඒ කියපු දෙයට
උත්තරයක් දුන්නා

” ඔයා දවසක ඔය එක දිගට
කතා කරන අයගෙන් එක කෙනෙක්
ඔයාට විශේෂ වේවි !
එදාට මුල්ම වෙඩින් කාඩ් එක මට දෙන්න “

අපි දෙන්නම කියපු කතා
හරි ඉක්මනින් අද ඇත්ත වෙලා !

_ _ __ කියන චරිතය ඇලන් නමින්
මට විශේෂ වෙලා
රසාරි කියන චරිතය සින්ඩරෙල්ලා නමින් ඔහුට
විශේෂ වෙන තරමට

ඒත් මම විශ්වාස කරන්නෙ මාව විතරයි !!!

මොකද මට හොඳටම
හිත කියවන්න පුළුවන් මගේ විතරයි …

ඉතිං මට ඒ ඇති

ඔයාගෙන් පෙරලා බලාපොරොත්තු නොවී
ඔයාව විශේෂ කරලා හිත ලඟින් තියාගන්න

රසාරි ඉරෝෂණා

ඇලන් – Part 6

NIBM FIESTA 2023

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo