#Interview #Photography #Rising Talents

දහම් දසනායක – Photographer

ආයුබෝවන් දහම්..! කොහොමද ජීවිතේ?

ආයුබෝවන්..! මුලින්ම ස්තූති කරන්න ඕනෙ මට මේ අවස්තාව ලබා දීපු Be Famous Magazine එකට. ජීවිතේ කොහොමද කියන්නෙ ඉතින්, හිතනවට වඩා හොදින් සතුටින් ගතවෙනවා Photographyත් එක්ක.

දහම් දසනායක කියන්නෙ කවුද කියලා අපි මුලින්ම අඳුනගෙන ඉමු නේද?

ඔව් අදුරගෙන ඉමු නේද… දහම් දසනායක කියන්නෙ තාම අවුරුදු 17ක් වෙන, Photography වලින් එහාට ලෝකයක් නෑ කියන මතේ ඉඳන්, ඒ දේ වෙනුවෙන් හැමදේම කැප කරන, හැමෝම කියන විදිහට නසරානි වැඩ කරන කොල්ලෙක්.

දහම් කියන්නෙ නිර්මාණශීලී Photographer කෙනෙක් කිව්වොත් මම හරි. මේ ක්ෂේත්‍රයට කොහොමද ඔයා මුලින්ම ආරම්භයක් ගත්තෙ?

ඇත්තටම මේ ක්ෂේත්‍රයට මම එන්න සෑහෙන්න කට්ටක් කෑව කිව්ව නම් මම හරි. මම Photography පටන් ගන්නකොට මට Camera එකක්වත් තිබ්බේ නෑ. මගේ පළවෙනි වැඩේ මං කරන කොට මම ජිවිතේට Camera එකක් අතින්වත් අල්ලලා තිබ්බේ නෑ. මට මගේ පළවෙනි වැඩේට කතා කරේ හෙට තියෙනව කියල අද හවස; ඒකත් කිසිම මුදලක් නැතුව; පුලුවන් නම් ඇවිල්ලා Photos ටිකක් ගහල දෙන්න කියලා. මමත් හා කිව්වා, මොකද මගේ පළවෙනි වැඩේ. හැබැයි මට Camera එකක්වත් ඇත්තෙත් නෑ අල්ලලත් නෑ. මම එදා හවසම හැම තැනම කැමරා අඩුවට Rent කරනවද කියල හොයල හොයල අඩුම තැනකින් Rent එකට Camera එකක් අර ගෙන එදා තමා පළවෙනි වැඩේ කරේ. ඒ වැඩෙන් තමා මම Photography ක්ෂේත්‍රයට ආවේ. Rent එකට camera අරගෙන Rent එකත් ගෙවල මාත් රුපියල් 500ක විතර ලාභයක් තියාගෙන තමා ඒ ටික එකතු කරලා මුල්ම කැමරා එක ගත්තේ. ඉතින් ඔහොම තමා photography ක්ෂේත්‍රයට අඩිය තිබ්බෙ.

ඔයා වැඩියෙන්ම කරන්නෙ මොන වගේ ඛාණ්ඩ වල Photographyද?

මං වැඩියෙන්ම කැමති Couple Shoot, Single Shoot කරන්න. අනිත් ඒවත් කරනවා; ඒ උනාට විනෝදජනකම Couple Shoot & Single Shoot තමා.

ඔයාගෙ ජීවිතේ, Photography එක්ක තියෙන්නෙ මොන වගේ සම්බන්ධතාවයක් ද?

මගෙ මුළු ජීවිතේම ඉතින් Photography තමා. එතනින් එහාට ජිවිතයක් නෑ මට. මගෙ හැමදේම Photography, මොකද මං අද මෙහෙම ඉන්නවනම් ඉන්නෙ Photography නිසා. හැමෝම මාව දන්නේ ඒ නිසා.

නිර්මාණ මිනිස්සු අතරට ගෙනියන්න Social Media ඔයාට වැදගත් වෙන්නෙ කොහොමද?

Social Media වලින්නෙ දැන් හැමදේම වෙන්නෙ. Social Media නැත්තම් කිසි දෙයක් කරගන්න වෙන්නෙ නෑ. ඉතින් මට නම් වැඩියෙන්ම Facebook තමා මගෙ වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍ය වෙන්නෙ. ඊට අමතරව TikTok Instagram තමා.

හීන පස්සෙ දුවන ගමනෙ අමතක නොවෙන සිදුවීම් ගොඩක් ඇති..?

අමතක නොවන සිදුවීම්නම් ගොඩක්ම තියෙනවා. ලොකුම දේ Camera එකක් නැතුව හැම තැනම අසරණ වුණ වාර. ඊළඟ එක තමා මම මටම කියලා Camera එකක් ගත්ත දවස. එදා තමා මට අමතක නොවෙන්නෙම; කට්ටක් කාල කාල මගෙම කියල දෙයක් ගත්ත දවස..!

ක්ෂේත්‍රයේ ඉස්සරහට යද්දි දහම්ගෙ අනාගත බලාපොරොත්තු ගැනත් අපි අවසාන වශයෙන් කතා කරමු.

ඇත්තටම මට තියෙන එකම බලාපොරොත්තුව තමා කවද හරි, කවුරුහරි, “මේ වැඩේනම් සුපිරි හොදටම කරල තියෙනවා; අනිවාරෙන්ම දහම්ගෙ වැඩක් තමා” කියන තැනට එන්න තිබ්බනම් එතනින් එහාට බලාපොරොත්තුවක් නෑ. ඒක තමා ලොකුම බලාපොරොත්තුව. තව දෙයක්; උත්සහයයි කැපවීමයි තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ.

උත්සාහයෙන් ඉදිරියටම යන්න Be Famous අපි ඔයාට සුබ පතන ගමන් අද කතා බහට සමු දෙනවා. බොහොම ස්තුතියි.!

බොහොම ස්තුතියි Be Famous Team එකට. ඔයාලටත් සුබ පතනවා.

සටහන
කවීෂා හංසනී ගමගේ

දහම් දසනායක – Photographer

Roshan Anuruddha (Shan Cakes)

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo