#Interview #Actress #Modeling #Rising Talents

Savini Yakupitiya – Interview

කලා ලෝකයේ පායන දීප්තිමත් තරු අතර නූතනයේ පායපු දක්ෂ තරුවක් තමයි අද කතා බහට එකතු වෙන්නෙ..!

ආයුබෝවන් සවිනි..!
ආයුබෝවන්..

බට්ටගෙයි තරූගෙයි ආදරේ මොන වගේද දැනෙන්නෙ මේ දවස් වල?

බට්ටගෙයි තරූගෙයි ආදරේ ගැන කතා කරනවා නම්, මේ දවස්වල සෑහෙන්න විදිහට viral වෙන, හැමතැනම videos share වෙන ආදර කතාවක්. කෙටියෙන් කිව්වොත් බට්ටයි තරුයි කියන්නේ trending No 1 couple එකක්. ඉතින් මුලින්ම thank කරන්න ඕනේ අපේ ලොක්කිගේ කතාවේ director හර්ශ උඩකන්ද අයියාට වගේම ශලනී ප්‍රනාන්දු අක්කාට මට මේ drama එකට invite කලාට. මං හරීම ආසාවෙන් කැමැත්තෙන් තමයි තරූගේ චරිතය කරන්නේ. බට්ටගෙයි තරූගෙයි ආදරේ ගැන තව කිව්වොත් ඉතින්, හරිම සෙල්ලක්කාර, කියුට් විදිහට, වගකීම් සහගත නැති, ඒ වගේම කිසි බරපතලකමක් නැති හරීම විසේකාර, වෙලාවකට කේන්ති යන වගේම නැතුවම බැරි, තවත් වෙලාවකට දුක හිතෙන, මේ වගේ ආදරේකදි ඇතිවෙන හැම feel එකක්ම changing වෙන විදිහට, බලන අයටත් බලන්න බලන්න ආස හිතෙන විදිහට තමයි බට්ටගෙයි තරූගෙයි ආදරේ ලොක්කිගෙ කතාවේ දිගහැරෙන්නේ.

සවිනි යකුපිටිය කියන්නෙ කවුද කියලා කොහොමද ඔයාට හඳුන්වලා දෙන්න පුලුවන් රංගන ශිල්පිනියකගෙන් ඔබ්බට ගියාම..?

සවිනිව ඔයාලා දකින්නේ ලොක්කිගෙ කතාවේ තරූ විදිහට නේ. තරූ කියන්නේ හරිම පණ්ඩිත, විසේකාර ,කටකාර වගේම හරිම චණ්ඩී කෙල්ලෙක්. එත් සවිනි යකුපිටිය ගැන කෙටියෙන් කියනවා නම් තමන්ට පුලුවන් උපරිමයෙන් මිනිස්සුන්ට උදව් කරන , හරිම ආදරණිය friendly චරිතයක්. මං ගොඩාක් සංවේදියි. හැමදේකදිම පොඩ්ඩක් ඇත්නම් හිත උණු වෙනවා. මං මගේ තරහකාරයෙක් ට උනත් උදව් කරන කෙනෙක්. මගේ පවුල ගැන කිව්වොත් මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, අක්කයි, මමයි. මම තාම University එකේ 1st year ඉගෙනගන්නවා. ඒ ගමන්ම තමා field එකේ වැඩත් කරගෙන යන්නේ.

කවදා හරි රංගන ශිල්පිනියක් වෙනවා කියලා හීනයක් තිබුණද හිතේ?

ඔව් අනිවාර්යයෙන්ම. මං මේ field එකට ආවා කියන්නේම ලොකු dream එකක්. මං ඒ dream එක ටික ටික complete කරගෙන යනවා. කවදාහරි රංගන ශිල්පිනියක් වෙනවා කියන එක අද ඊයේ පහල වෙච්ච හීනයක් නෙමේ. හීනයක් කියනවට වඩා ඒක මගේ ලොකු target එකක්. පොඩි කාලේ ඉදන් තිබ්බ දෙයක්. ඉතින් මං පොඩි කාලෙ අපේ අම්මට හොරෙන් කාමරේ දොර වහගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඒ හිතට කාවැදුණු සිද්ධි රඟපානවා. ඒ dialogue කියන්න try කරනවා.

ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?

කලින් කිව්වා වගේ චුටි කාලෙ තිබ්බ මගේ හීනේ හැබෑ කරගන්න වැඩ කරන් යද්දී මං photo shoots කරලා ඒවා මගේ fb profile එකේ upload කලා. ඊටපස්සේ මට tv commercial වලට ආරාධනා ලැබුණා. එතනින් field එකේ අය contact වෙලා තමයි මට ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

සවිනි කියන්නෙ නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියකට අමතරව, ඉතින් නිරූපණ ක්ෂේත්‍රයේ මොකද වෙන්නෙ මේ දවස් වල?

නිරූපණ ශිල්පිනියක් කියලා කියනවට වඩා මං වැඩිපුරම කැමති මාව රංගන ශිල්පිනියක් විදිහට අදුන්වලා දෙනවට. මොකද මං නිරූපන ක්ෂේත්‍රයට වඩා වැඩි බර දෙන්නේ මහන්සි වෙන්නේ රංගන ක්ශෙත්‍රයේ ගමනක් යන්න. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ ඒ කියන්නේ මගේ photo shoots , bridle shoots ඒ වැඩත් කරගෙන යනවා.

“හිත ළඟ හිනැහුණා” ටෙලි නාට්‍යත් එක්ක ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හිත ළග හිනැහුනා drama එක ගැන කතාකරන්න කලින් මං thank කරන්න ඕන ඒ drama එකට මට invite කරපු director දනුශ්ක රත්නායකට වගේම director ප්‍රදීප් රසාංගටත්. Drama එක ගැන කතා කලොත් මගේ චරිතෙ තමා “උදානා”. උදානගෙ චරිතෙටත් හොද ප්‍රෙක්ෂකයා ප්‍රතිචාර තියෙනවා. ඇත්තටම තරූගේ චරිතේ තව උදානාගේ චරිතේ අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් උදානා ගේ චරිතෙට ආදරේ කරන හැමෝටම මං ස්තූති කරනවා.

සවිනි ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණ මොහොත මොකක්ද කියලා ඇහුවොත්, ඔයාගෙ උත්තරේ මොකක්ද?

මං හිතන්නේ මගේ target එකට වගේම මගේ ඒ target එක complete කරගන්න පලවෙනි step එක තිබ්බ දවස තමයි මගේ ජිවිතේ සතුටුම මොහොත වුණේ.

ඉදිරියට මොන වගේ නිර්මාණ වලින් ප්‍රේක්ෂකයන් අතරට එන්නද බලාපොරොත්තුව?

මං බලාපොරොත්තු වෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනෙන චරිතයකින් ප්‍රේක්ෂකයා අතරට එන්න. ඒක teledrama එකකින් නැත්නම් film එකකින් වෙන්න පුලුවන්. අපිට famous වෙන්න ගොඩාක් දේවල් කරන්න පුලුවන්. හැබැයි ජනතාවට ප්‍රිය පුද්ගලයෙක් වෙන්න හැමෝටම බෑ. එයාලාගේ ගරුත්වය දිනාගන්න හැමෝටම බෑ. අපි ප්‍රේක්ෂකයා ගේ හදවතට සමීප වෙන්න ඕන. එතකොට අපි මැරුණත් අපේ රූපය, නම හැමදාම ප්‍රේක්ශකයන්ගේ මනසේ තියෙනවා. මම ඉදිරියේ දී චරිත භාරගන්නවා නම් කැමති ගැහැණු ළමයෙක්ට කරන්න බැරි අභියෝගාත්මක චරිත භාරගන්න. උදාහරණයක් විදිහට කියනවා නම් ආබාධිත , දුක් කම්කටොලු මැද්දේ ජීවිතේ ගත කරන වෙර දරන, නැත්නම් බලන අයට බුදුඅම්මෝ මෙයා මේ වගේ කෙනෙක්ද කියලා හිතෙන චරිත කරන්න. තව මගේ Dancing, Fighting Talent ටික මේ දවස් වල පුරුදු පුහුණුවීම් කරල තව තව දියුනු කරගන්න ගමන් ඉන්නේ. ඉතින් ඒ Talent සේරම සම්බන්ධ කරල ඉන්දියන් tamil චරිත කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මං හිතෙන විදිහට මගේ talent එකෙන් උපරීම ප්‍රයෝජන ගන්න පුලුවන් ඒ වගේ චරිත බාරගත්තොත් කියලා.

ඉතින් thank කරනවා Be Famous Magazine එකට මාත් එක්ක කතාබහට සම්බන්ධ වෙන්න කාලය වෙන් කලාට. ඔයාලාගේ Be Famous Magazine එකේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

ඔයාටත් සවිනි..! ස්තුතියි අපි එක්ක එකතු වුණාට. ඉතින් Be Famous අපි ප්‍රාර්ථනා කරනවා ඔයාගේ සියලුම වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා.

මෙලනී ෆ්‍රිසන්කෝටන්

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo