#Interview #Photography

Mr. Sapuwa (සපුවා) – සපුන් මදාර Interview

රසබර කතා බහකට අපිත් එක්ක අද එකතු වෙන්නෙ හැමෝම දන්න වගේම හැමෝගෙම හදවතට කතා කරන Mr. Sapuwa..!

ආයුබෝවන් සපුන්..! කොහොමද ජීවිතේ.?

ආයුබෝවන් ආයුබෝවන්..! අම්මෝ මේ දවස් වල එන කොල් , මැසේජ් වලින් මගේ කන් පිරිලා ඉතිරිලා ගිහින්. පෙළක් දවස් තිබුණා කොල් 100 එක දවසට ආපු දවස්. ඉතිං හරිම සතුටුයි ඉතිං ඒ ආදරය එහෙම ලැබෙද්දි

ගොඩක් අය දන්නෙ “සපුවා” කියලනෙ..! අපි සපුන් මදාර කියන්නෙ කවුද කියලා මුලින්ම කතා කරලා අඳුනගෙන ඉමු නේද?

සපුන් මදාර කියන්නෙ මීට අවුරුදු 8කට විතර උඩදි බල්ලෙක්වත් ගනන් ගත්ත නැති මනුස්සයෙක්. මගේ මූණට මිනිස්සු කියලා ඇති මම ගොබ්බයෙක් වගේ කියලා. මම ඒ සපුන් මදාර කියන ගොබ්බයාව අද බෑරැන්ඩ් එකක් කරා. ඔව් මම එක කරා. Mr. Sapuwa කියලා.

වෘත්තිමය වශයෙන් ගත්තම සපුන් කියන්නෙ Youtuber කෙනෙක් Photographer කෙනෙක් වගේම ව්‍යවසායකයෙක් කිව්වොත් මම හරි. මේ ක්ෂේත්‍ර තුනෙන් ඔයා වැඩිපුරම ආස මොන ක්ෂේත්‍රයටද?

මං වැඩිපුරම ආස Youtube එකට. මොකද දන්නවද එහෙම කියන්නෙ..? මේ හැමදේම ගොඩනැගුණෙ Youtube එකෙන්. මං Youtube චැනල් එකක් එදා පටන් ගත්තේ නැත්නම් මම අද Photographer කෙනෙකුත් නොවී Motivation දෙන Mr. Sapuwa වත් නොවී ව්‍යවසායකයෙකුත් නොවී රෙදි කඩයක වැඩ කරන නිකන්ම නිකන් සපුන් මදාර කෙනෙක් වෙන්න තිබ්බා. ඉතිං මේ පාරවල් වලට මට යන්න දොරවල් ඇරුනෙ Youtube හින්දා. ඉතින් මං හරි ආදරෙයි මගේ Youtube චැනල් එකට.

Social Media වල Content Create කරද්දි හරවත් පණිවිඩයක් සමාජගත කරන පිරිස් ගොඩක් අඩුයි. ඉතින් Audience එක Motivate කරන ගමන් Social Media Pages හැදුනෙ කොහොමද සහ ඔයාගෙ Pages මොනවද කියලත් අපි කතා කරමු.

මම ඉස්සර ඉදන්ම ආසයි මම නිසා තව කෙනෙක් හිනා වෙලා ඉන්නවනම්. මම නිසා සතුටින් ඉන්නවනම්. ඉතිං Youtube චැනල් එකෙන් මිනිස්සුගේ මුහුණට හිනාවක් ගෙන ගමන්, Mr.Sapuwa එකෙන් හීන වෙනුවෙන් වැඩ කරන කොල්ලන්ට කෙල්ලන්ට මං මගේ ජිවිතේ එකතු කරගත්තු අද්දැකිම්, කාපු කටු, හිතේ තියන් හිර කරන් ඉන් නැතුව මට පුළුවන් විදිහට Motivation එකක් විදිහට එළියට දානවා. මගේ Page තුනක් තියෙනවා. Motivation Video බලන්න පුළුවන් ඔයාලට මගේ Mr.Sapuwa Page එකට අවෝත්, මගේ Comedy Video බලන්න පුළුවන් Sapuwa Production Page එකට අවොත්. ඔයාලට මට කියලා ඔයාලගේ වෙඩින් එක ලස්සනට කරගන්න Sapun Madara Photography කියන මගේ අනිත් Page එකට එකතු වෙන්නත් පුළුවන්.

ලොකු Fan Base එකක් ඉන්නවා ඔයාගෙ වටේ ඒ නිර්මාණශීලී වචන එක්ක ආදරෙන් බැඳිලා. මොකද හිතෙන්නෙ ඒ ගැන?

ඇත්තටම එකනම් මාර ආදරයක්. මම සැහෙන්න කල් පෙරුම්පිරුව ආදරයක්. ඒක අද වෙද්දි හම්බෙලා.. Video වලට වැටෙන ඒ Comment වලින් ඒක තේරෙනවා. මම ඒක අත්විඳිනවා. හරිම සතුටුයි ලංකාවේ කොහෙ ගියත් මාව දැකලා, මේ Motivation Video කරන අයියා නේද කියලා අහලා ළඟට ඇවිත් කතා කරලා සෙල්ෆියක් ගහන් යනවා. නිහතමානී සතුටක් තියෙනවා ඉතිං.

කොහොමද මුලින්ම Idea එකක් ආවෙ වෙනස් දෙයක් කරන්න ඕන කියලා?

Motivation Video කරන්න නම් Idea එක ආවෙ මීට සැහෙන්න කාලෙකට කලින්. මායි මගේ බොක්කෙ යාලුවා ලකියයි එක්ක නිකන් විහිලුවට වගේ Motivation Video Phone එකෙන් කරලා බැලුවා සේට් ද කියලා. අපිට නිකන් අපේ Voice එක ඇහෙද්දි පොඩි අවුලක් තිබ්බා. පස්සේ අපි ඒ වැඩේ අත ඇරලා කොමඩිම කරන් ගියා. ඊටපස්සෙ නිකමට Video එකක් කර කර ඉද්දි Audio Check කරගන්න නිකන් මොනවාහරි කියවන්න කිව්වාම, එවෙලේ කටට ආපු වචන ටිකක් Motivation එකක් වගේ මං කිව්වා. ඒ Video එක මම මාස ගානක් Phone එකේ තියන් ඉඳලා නිකමට Edit කරලා Whatsapp Status දැම්මා. ඒකට ආපු ප්‍රතිචාර ටික එක්ක තමයි ටික්ටොක් එකට මම එන්නෙ. එතනින් තමයි ඉතිං Mr.Sapuwa හැදෙන්නේ.

Photography එක්ක ගෙවෙන ජීවිතේ මොන වගේද, මොන වගේ Shootsද සපුන් මේ වෙද්දි කරලා තියෙන්නෙ කියලා මතක් කළොත්?

Photography කියන්නේ ලස්සන Art එකක් තියෙන Job එකක්. ඒක හරි නිර්මාණශීලීව කරන්න ඕනි දෙයක්. ඉතිං Photography වලිනුත් කරන්නෙ තවත් කෙනෙක්ව ලස්සනට Capture කරලා ඒ කෙනාව සතුටු කරන එකනේ. ඉතිං එයාලගේ Feedback එක්ක Photography එක්ක ගෙවෙන ජිවිතේ සුන්දරයි. මම ඉතිං Wedding Photography, Birth Day Shoot , Birdal shoot , Fashion Shoot වගේ නොයෙකුත් වර්ගයේ Shoots කරනවා.

මේ දක්වා ඇවිදන් ආපු ගමන තුළ ලබා ගන්න පුලුවන් වුණ ලොකුම ජයග්‍රහණය මොකද්ද ඇහුවොත් ඔයාගෙ පිළිතුර මොකක්ද?

මම හිතන්නේ මම මොන දේ කරත් මම ආස කරපු ඇස් රතු වෙනකන් දැකපු හිනයක් තිබ්බා. ඒක තමයි මම මගේ නම Brand එකක් කරන එක. මම හිතනවා මම එක අද කරා. ඉතිං ඊටත් වඩා මට ලොකු ජයග්‍රහණයක් තියෙනවද..?

අනාගත බලාපොරොත්තු අතරෙ උඩින්ම තියන කිහිපයක් ගැනත් සඳහනක් කරමු නේද?

ලොකු ලොකු බලාපොරොත්තුනම් මට නෑ ඉතිං. සරලව ජීවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව. පුංචිම පුංචි අහිංසක බලාපොරොත්තුක් තියෙනවා, මගේ Youtube චැනල් එකෙ Subscribe ලක්ෂයක් ගහලා සිල්වර් Play Button එක මගේ අතේ තියන් ඉන්න. බලමු ඉතිං නෙ..!

අවසාන වශයෙන් Be Famous Magazine එකත් එක්ක කතාබහකට එකතු වීම ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම සතුටුයි Be famous Magazine එකත් එක්ක කතා බහකට එකතු වෙන්න ලැබුණු එක ගැන. ඉතිං ඔයාලගේ මේ වැඩේ තව තවත් සාර්ථකව ලස්සනට කරගෙන යන්න ලැබෙන්න ඕනි වගේම ඔයාලට හැමදාමත් උතුරන්න හරියන්න ඕනි. ආදරෙයි..! මාව කතා බහට එකතු කරගත්තට බොහොම ස්තුතියි.

හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම හරියන්න කියලා Be Famous අපි සපුන්, ඔයාට හදවතින්ම සුබ පතනවා. බොහොම ස්තුතියි..!

සටහන
කවීෂා හංසනී ගමගේ

Mr. Sapuwa (සපුවා) – සපුන් මදාර Interview

Anuththara Upamali Photoshoot

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo