#Interview #Music

සමීර වීරවර්ණ – Artist of the Month

ඔන්න ඉතින් අද අපි එකතු කර ගත්තා Be Famous කතා බහට මුළු රටක් ආදරය කරන, සුන්දර හදවතක් වගේම නිර්ව්‍යාජ සිනහවක් හිමි ජනප්‍රිය තරුණ පෞරුෂයක්.
ඒ වෙන කවුරුත් නෙවෙයි..! අපේ, සමීර වීරවර්ණ..!

ආයුබෝවන් සමීර අයියේ..! මොකද වෙන්නෙ මේ දවස් වල?

ආයුබෝවන්..! මේ දවස් වල ප්‍රේක්ෂක ආදරයත් එක්ක Music සම්බන්ධ වැඩ කටයුතු කර ගෙන යනවා කාර්‍යබහුල විදියට. මං ජීවිතේ ගොඩක් කාර්‍යබහුල වෙනවට කැමති කෙනෙක්.

මුලින්ම අහන්න කැමතියි පණ වගේ ආදරයක් ප්‍රේක්ෂකයනගෙන්, රසිකයන්ගෙන් ලැබෙද්දි දැනෙන හැඟීම මොන වගේද?

මම “ෂූරප්පර” ගීතයෙන් ජනතාව අතරට එන්නෙ, කාලයක් නිහඬ වෙලා ඉඳලා. මට ලැබෙන ඒ ආදරය මම දෛවයක් විදියට තමයි සලකන්නෙ. මම හිතන්නෙම, හිමි වන, ආයෙත් අහිමි වෙන සහ ආයෙත් හිමි වෙන ආදරේ හරිම පුදුමයි.

මුළු රටකම ආදරය දිනා ගත්ත “මට ඔයා මගෙ පණ වගේ” ගීතයේ කතාව ගැන කතා කළොත්?

“මට ඔයා මගෙ පණ වගේ” ගීතය ගැන කතා කළොත්, ඒක ලියවෙන්නෙ 2009දි වගේ. ආදර සම්බන්ධතාවයකැති වෙලා විවාහ අපේක්ෂාවෙන් ඉඳලා ඒක බිඳ වැටෙන දවසෙ තමයි ඒ ගීතය ලියවෙන්නෙ. සමහර අයට හිතෙන්න පුලුවන් වෙ වගේ දවසක කොහොමද ඒ වගේ වගේ ආදරණීය ගීතයක් ලියවෙන්නෙ කියලා. මට අවශ්‍ය වුණේ මේ ගීතය ඇයර පූජා කරලා ඒ ආදරේට ගෞරවාන්විතව සමු දෙන්න. මගේ ජීවිතේ ආදර කතාව තමයි ඒ ගීතයෙන් කියවෙන්නෙ.

ලැබෙන ජනප්‍රියත්වය නිහතමානීත්වයත් එක්ක එකතු කරන් අසරණ හිත් වලට උදව් උපකාර කරන්න කොහොමද හිතුණෙ සහ මේ වෙද්දි දායක වුණ අවස්ථාවන් ගැනත් අපි කතා කරමු.

ඔව් මගේ “ෂූරප්පර” ගීතය ජනප්‍රිය වෙද්දි, කෙනෙක් කතා කරලා අහනවා ” අයියෙ, මම Saloon එකක් දානවා.. ෂූරප්පර කියලා නම දැම්මට කමක් නැද්ද?” කියලා. මට ඒ වෙලාවෙ සල්ලි ඉල්ලන්න තිබිලත් මම ඇහුවෙ ” මල්ලි ඔයාට පුලුවන් ද නැති බැරි මිනිස්සු කිහිප දෙනෙක්ගෙ කොණ්ඩෙ කපලාඅ නොමිලෙ සේවාවක් දීලා පටන් ගන්න” කියලා. කොහොමහරි ඔහුත් ඒ අදහසට කැමති වෙලා ඒ දේ කරා. මම ඒ ගැන දාපු video එකත් 5M + බලලා තිබුණා. ඒ වගේ ජනප්‍රියත්වයයි නිහතමානීත්වයයි එකතු වුණොත් අසරණ හිත් ගොඩකට සතුට අරන් එන්න පුලුවන්. බුදු හාමුදුරුවොත් දේශනා කළේ, තියන දේ තවත් කෙනෙක්ට දෙන්න; බෙදා ගන්න කියලා.

සමාජ මාධ්‍ය හරහා සමාජයට හැම මොහොතෙම සුබවාදී ආකල්ප මුදාහරින තරුණයෙක් විදියට ජීවිතය සහ සුබවාදී ආකල්ප කියන තේමාව ගැන සමීර අයියගෙ අදහස මොකක්ද?

අපි ඉපදෙන්නෙ කිසිම දෙයක් නැතුව.. එහෙමයි කියලා ඒ විදියටම කිසිම දෙයක් නැතුව අපිට මියදෙන්න බැහැ. දෛවය කියන්නෙ හිත් පිටුවකට. අපි ඒක ලියන්න ඕන. තමන් කැමති විදියට, කැමති පිටු ගාණක්, කැමති පරිච්ඡේද ගාණක් ලියලා ක්‍රියාවට නංවන්න කියලා තමයි තරුණයෙක් විදියට තවත් තරුණයෙක්ට දෙන්න පුලුවන් සුබවාදී ආකල්පය.

සමීර වීරවර්ණ කියන්නෙ ආදරයට එක්තරා නිර්වචනයක් මම දකින විදියට. වර්තමානයේ ආදරය නිසා ජීවිත වැනසෙද්දි, ඔබේ පෞරුෂය ගොඩනැගුණෙ එතනින්..!

එදා සහ අද ඔයා ආපු දුර දිහා ආපස්සට හැරිලා බැලුවොත්..?
ඔව් ඇත්තටම සතුටුයි. ආදරේ කියන්නෙ හිමි කරගැනීමම නෙවෙයි. ගොඩ දෙනෙක් හිතනවා ආදරේ හිමි කර ගැනීමකින්ම කෙළවර වෙන්න ඕන කියලා. එතන තමයි අද සමාජයේ ගොඩක් තරුණ තරුණියන්ට වරදින තැන. ආදරේ කවදාවත් වෛරයකට හැරෙන්න බෑ. එහෙම වෙනවා නම් එතන ආදරයක් තිබිලා නෑ.
ආදරේ කරපු කෙනා ඔයත් එක්ක, මේ article එක කියවන මොහොතේ නැත්නම්, එයාට වෛර කරන්න එපා. එයාව හිතේ කෙළවරක පරිස්සමට තියාගෙන තවත් ආදරයක් සොයා ගන්න.

අවසාන වශයෙන් අනාගත වැඩ කටයුතු ගැනත් අපි සඳහනක් කරමු.

“කඳුළු හිනැහෙන ඒ කතාව” තමයි මගේ අලුත්ම සින්දුව. ලබන මාසෙ ඒක Release වෙනවා. මගේ හැම ගීතයකටම පාදක වෙන්නෙ මගේ ජීවිත අත්දැකීම්. මගේ ජීවිතයට කවදාහරි අලුත් ආදරයක් ආවත් මට පරණ ආදරෙව් ගැන ලියන එක අමතක කරන්න බැහැ. මං ඒ වගේ සින්දු එකක් දෙකක් මේ වෙද්දි ලියලා තියනවා. තවත් ගීත දහස් ගණනක් ඒ වෙනුවෙන් ලියවෙයි. ඒ තමයි ආදරය..! අපි බලමු ළඟදිම “කඳුළු හිනැහෙන ඒ කතාව”, මොන වගේද කියලා.

බොහොම ස්තුතියි සමීර අයියෙ ඒ නිහතමානීත්වයත් එක්ක අද හෘදයාංගම කතා බහකට එකතු වුණාට. ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා Be Famous අපි හදවතින්ම.

බොහොම ස්තුතියි Be Famous Magazine Crew එකට අද කතා බහට ආරාධනා කළාට. ගොඩක් පින්. ඔයාලටත් ජය ප්‍රාර්ථනා කරන ගමන් කියන්න ඕන පණ වගේ ආදරෙයි..!

සටහන
කවීෂා හංසනී ගමගේ

සමීර වීරවර්ණ – Artist of the Month

ඇලන් – Part 7

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo