#Events #Modeling #Photography #Photoshoot

Photogenic Sri Lanka 2023

ලංකාවේ විතරක් නෙවෙයී ලෝකයේ විවිධ රටවල විවිධ දේවල් වලට වටිනාකමක් දෙන එක එක විදිහේ competition බිහිවෙලා තියෙනවා. රෑමත් බවට, කඩවසම් බවට , දක්ෂතාවයන්ට, අලංකාරත්වයට වගේම හොදම දේට වටිනාකමක් සපයන්න ඕන හරි මග පෙන්වීමකින් වගේම හොද platform එකකින්.

දැන් අපි අපේ ප්‍රධාන මාතෘකාව පැත්තට හැරෙමු. මං මෙහෙම පටන් ගන්නම්. කලින් කිව්වා වගේම විවිධ දේට වටිනාකම් දෙන competition අතරේ ලෝකයේ කාන්තාවගේ රෑමත් බව හා පිරිමී පාර්ශවයන්ගේ කඩවසම් බවට වටිනාකමක් දෙන competition ගැන අපි අවධානය යොමු කලොත් අපිට මතක් වෙන්නේ විදේශිය වශයෙන් miss world වගේ තරග. දේශීය වශයෙන් ගත්තොත් miss sri lanka සහ බක්මහේ පවත්වන අවුරැදු කුමරා කුමරීය තරග. ඉතින් මේ හැම competition එකක් පාහේම කාගෙත් අවධානයට ලක්වෙන mini title එකක් තමා photogenic කියන්නේ .ලංකාවේ අවුරැදු කුමරා කුමරීය තරගවලදී , මේක හදුන්වන්නේ හොදම සේයාරෑව කියලා.

කොහොමහරි මේ හොදම සේයාරෑව නැත්නම් the best photo shoot එකකට හිමිකම් කියන ඔහු හෝ ඇය කවුද? කියලා තෝරාපත් කරගන්නා විවිධ තරග ලෝකයේ පවත්වන පසුබීමක ලංකාවේ ප්‍රථම වතාවට ඒ වෙනුවෙන්ම මේ photogenic කියන main title එක වෙච්ච competition එකක් EXCEL Productions සංවීධානය කරලා තීබුණා.
ඒ තමයි
PHOTOGENIC SRI LANKA 2023
කියන්නේ.

මේ අලුත්ම concept එකෙන් නිර්මාණය වුණ competition එකේ Official Digital media Partner විදිහට Be Famous Magazine අපී වගේම
Official Hospitality partner Saketha මැදුර Gampaha
Official photography partner Eshara Herath
Official videography partner Aroma studio
Social Media Partners Desire models, පින්තාලී official, LOVE, ජපනී කියන FB pages
Competition එකේ සාර්ථකත්වයට දායකත්වය ලබාදුන්නා.

විශේෂයෙන් මතක් කරන්න ඕන මේ photogenic sri lanka 2023 හී expert panel එක විදිහට කටයුතු කරපු

Actor Mr. Hashan Rathnayake
The beauty Mrs. Jayamali erangika
professional model Mrs. Anjuni Hettiarachchie
professional Beautician Mrs. Shamika Dilrukshi (shamis Bridal makeover & academy )
professional photographer Mr. Lakmal sinharage (Lakmal Sinharage photography)

ඉතින් මේ තරගයෙන් මේ වෙන විට සියලු ජයග්‍රහාකයින් සාර්ථකව තෝරාපත් කරගෙන අවසන්.

මේ concept එක ගැන කලින් මං පොඩි හදුන්වා දීමක් කලත් මේ සංකල්පයේ සැබෑ නිර්මාණකරැගෙන් තමා අපිට හැම රසවත් විස්තරයක්ම දැනගන්න පුලුවන් වෙන්නේ.
මං හිතන විදිහට අලුත් concept එකකින් පුලුවන් අපිට social එක update කරන්න.
EXCEL production කියන්නේ ක්ශේත්‍රයට අලුත් දේවල් දායාද කරන එවන් මහගු තෝතැන්නක්.

මෙලනි ෆ්‍රිසන්කෝටන්

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo