#Business #Lifestyle

ඉගෙන ගන්න හැම කෙනාටම විශ්වයම දෝතට රැගෙන එන ENLEARN..!

ලෝකය දිනන්න පුළුවන් බලවත්ම ආයුධය තමයි අධ්‍යාපනය. මේ ලෝකය තුළ ඉපදුන පුද්ගලයෙක් මිය යන තුරු ම සීමා මායිම් නොමැතිව විවිධාකාරයෙන් අධ්‍යාපනය ලබනවා. මෙන්න මේ අදහස මත පදනම් වෙලා Enhanced Learning Methods කියන එක ගලපලා තමයි ENLEARN (PRIVATE) LIMITED සමාගම බිහිවෙන්නේ.

ENLEARN (PRIVATE) LIMITED සමාගමේ බලාපොරොත්තුව, නැත්නම් අරමුණ වෙන්නේ සීමා මායිම් නොමැති අධ්‍යාපනය සීමා මායිම් නොමැතිව ම පළමුව ශ්‍රී ලංකාව පුරාත් ඉන් පසු ලෝකය පුරාත් බෙදා හැරීම.

ENLEARN (PRIVATE) LIMITED සමාගමෙන් ඉදිරියට ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා වගේම ආරම්භක පුංචි පියවරක් විදියට දැවැන්ත වෙබ් අඩවියක් එළිදක්වනවා.

වෙබ් අඩවිය ගැන කියන්න කලින් මම මෙහෙම ආරම්භයක ගන්නම්,
කිසිම ගුරුවරයකුට සියලුම ළමයින්ට කිසියම් විෂය කරුණක් පැහැදිලිව තේරුම්ගත හැකි වන ආකාරයට ඉගැන්වීමේ හැකියාවක් නැහැ.
ඒකට හේතු විදියට ළමයින් තුළ පවතින විෂය කරුණු ග්‍රහණය කර ගැනීමේ හැකියාව, මතක ශක්තිය සහ බුද්ධිය එකිනෙකාට වෙනස් වීම හඳුන්වන්න පුලුවන්.
මේ නිසා කිසියම් ළමයෙක් ගුරුවරයෙක්ව තෝරා ගන්නා විට තමාට හොදින්ම ගැළපෙන ගුරුවරයා තෝරා ගන්න ඕන. එහෙම කරන්න නම් ඒ ගුරුවරයා උගන්වන ආකාරය එහෙමත් නැත්නම් මේ ගුරුවරයාගේ ඉගැන්වීමේ රටාව පිළිබඳව ළමයා දැනුවත් වීම අනිවාර්‍යයි.

අධ්‍යාපන රටාවේ තියෙන තරගකාරීත්වය නිසාම ගොඩක් දෙමාපියන් ගුරුවරුන්ව තමන්ගේ නිවසට ගෙන්වාගෙන දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න උත්සාහ කරනවා දකින්න පුළුවන්.

ඉතින් මෙන්න මේ සමාජ අවශ්‍යතාවයන්ට ඌණ පූර්ණයක් විදියට තමයි tuition.enlearn.lk වෙබ් අඩවිය එළි දැක්වෙන්නේ. මේක ප්‍රධාන වෙබ් අඩවිය නොවන නිසා sub domain එකක් විදියට තමයි එන්නේ.

මේ වෙබ් අඩවිය මගින් පෙර පාසල් මට්ටමේ සිට උපාධි දක්වා ළමයෙකුට තමන්ට අවශ්‍ය විෂය උගන්වන ගුරුවරුන් සහ ආයතන සිංහල, දමිළ, ඉංග්‍රීසි ඕනෑම මාධ්‍යයකින් Individual class, Group class, Hall class සහ Online class කියන වර්ග හතරටම අදාළව තමන්ගේ ප්‍රදේශයෙන්ම ක්ෂණිකව සොයා ගන්න පුළුවන්.

අනිත් විශේෂත්වය තමයි ඒ ගුරුවරයා උගන්වන ආකාරය පිළිබඳව වීඩියෝවක් එතනදිම නරඹලා ගුරුවරයාගේ ඉගැන්වීමේ රටාව තමන්ට ගැළපෙනවද කියලා ළමයට තීරණය කරගන්න පුළුවන්.

පහළ සඳහන් වෙන මේ categories සියල්ලම මේ වෙනකොටත් වෙබ් සයිට් එකට ඇතුලත් කරලා තියනවා.

Preschool

Grade 1 & 2 (National)
Grade 3 to 5 (National)

O/L Grade 6 to 11 (National)
Health and Physical Education
Business and Accounting Studies
Mathematics
Science
Information Communication Technology
Entrepreneurial Studies
French Language
English Language
History

A/L Grade 12 & 13 ( National)
Communication and Media Studies
Information Communication Technology
Chemistry
Physics
Combined Mathematics
Biology
Accounting
Western Music
Oriental Music
General English
English
Logic & Scientific Method
German
General Information Technology(GIT)
Economics
Geography
Business Studies
Political Science
Business Statistics
Mathematics
French
Japanese
Agricultural Science
Chinese
Russian
Greek and Roman Civilization

Edexcel & Cambridge
Ordinary Level
Advanced Level

Others
Astrology
Business Management
Science & Engineering
Information Technology
Hotel Management
Law & Arts
Languages
Martial arts
Sports
Medicine and phycology
Professional
Vocational courses

අනිත් වැදගත්ම දේ තමයි දිවයින පුරා සිටින ඕනෑම මාධ්‍යයක ඕනෑම විෂයක් උගන්වන ගුරුවරයෙකුට හෝ අධ්‍යාපන ආයතනයකට නොමිලේම තමන්ගේ දැන්වීම මේ වෙබ් අඩවියේ පළ කර ගන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා.

ඉතිං ආරාධනා කරනවා සියලුම ගුරුවරුන්ට සහ සියලුම අධ්‍යාපන ආයතන වලට; එන්න මේ වෙබ් අඩවියට ඔබේ දැන්වීම නොමිලේ ම පළ කර ගන්න කියලා.

අමතක කරන්න එපා ඔබ උගන්වන ආකාරයේ වීඩියෝවක් පල කරන්නත් අවස්ථාවක් තියෙනවා.

ඉදිරියේදී ඉහත සියලුම පහසුකම් සහිතව EN TUITION App එක ඔබ වෙත ගෙන ඒමටද ඔවුන් සූදානම්

වැඩිදුර විස්තර දැනගන්න ENLEARN සම්බන්ධ කරගන්න පුළුවන්.
0773031826 – Rukshan (Sinhala Medium)
0741616796 – Suresh (English and Tamil Medium)

සටහන
කවීෂා හංසනී ගමගේ

ඉගෙන ගන්න හැම කෙනාටම විශ්වයම දෝතට රැගෙන එන ENLEARN..!

Kaushalya Mediwaka Photoshoot

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo