#Interview #Business #Rising Talents

Roshan Anuruddha (Shan Cakes)

අද කතා බහට එකතු වෙන්නෙ දැනුමින් සන්නද්ධව නිර්මාණශීලී ගමනක් යන සාර්ථක ව්‍යාපාරිකයෙක් කිව්වොත් මම හරි.

ආයුබෝවන් රොෂාන්..! කොහොමද ඉතින්?

ආයුබෝවන්..! හොඳින් ඉන්නවා.

රොෂාන් කියනවට වඩා ශාන් කිව්වොත්නෙ හැමෝම දන්නෙ..! අපි මුලින්ම පෞද්ගලික විස්තර ටිකක් කතා කරලා අඳුනගෙන ඉමු නේද?

මගෙ පවුලෙ ඉන්නෙ අම්මි, තාත්ති, අක්කි, අයියා මම. අක්කියි අයියයි නම් විවාහ වෙලා. මගේ පවුලේ හමෝම රාජ්‍ය සේවකයො. තාත්ති දුම්රිය දෙපාර්තමේන්තුවෙ. අයියා වන ජීවී එකේ. මගේ අක්කි ගුරුවරියක්.

Shan Cake කියන අදහස මුලින්ම ඇති වුණේ කොහොමද සහ ඒ ක්ෂේත්‍රයට යොමු වුණ විදිය මතක් කළොත්?

කොරෝනා කාලයේ තමයි මේ අදහස එන්නෙ. සාමාන්‍යයෙන් වෙන අවුරුදු වල උපන් දින සැමරුවත් කොරෝනා කාලයේ ඒක කරන්න වුණේ නෑ ඇදිරිනීතිය නිසා. ඉතින් මට ආසවක් ආවා Icing Cake එකක් හදන්න. Youtube තමයි මගේ මුල් ගුරුවරයා.

ව්‍යාපාරයක් වෙනකල් අදහසක් පණ ගන්වනවා කියන්නෙ සුළු දෙයක් නෙවෙයි. මේ වැඩ වලට අධ්‍යාපනික පසුබිම බලපෑවෙ කොහොමද?

ව්‍යාපාරයක් කරන්න අදහසක් හැමෝටම එන්නෙ නෑ. ආවත් ක්‍රියාත්මක කරන්නත් මැලි වෙනවා. ඒ වගේම පටන් ගන්න ගොඩක් ව්‍යාපාර මාසයයි දෙකයි. ව්‍යාපාරයක් කිරීමම මං දකින්නෙ ලොකු අභියෝගයක් කියලා. ඒකට මුහුණ දෙන්න ශක්තියක් නැති කෙනෙක්ට ව්‍යාපාරයක් සාර්ථකව කරන්න අමාරුයි. ව්‍යාපාරයක් විදියට තමන් තෝරාගන්න විෂයේ දැනුම වගේම හොඳ කළමණාකරණ දැනුමකුත් තියෙනවා නම් හොඳ ලාභ උපයන්න, සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න පුලුවන්. මගේ ගමනටත් ඒක බෙහෙවින්ම බලපෑවා. මම මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙක්. ඊට අමතරව ව්‍යාපාර පරිපාලනය , තොරතුරු තාක්ශණය, ගිණුම්කරණය, නිර්මාණකරණය වගේ විෂයන් පුළුල්ව හදාරපු කෙනෙක්. පසු කාලීනව කේක් නිර්මාණය , පේස්ට්‍ර් සහ බේකරි ISO පාඨමාලාව, වගේ විෂයානුබද්ධ පාඨමාලා හැදෑරුවා. ඉතින් ව්‍යාපරයක් දක්වා ආව ගමනේ මගේ සාර්ථකත්වයට තිබුණු ලොකුම අයුධය තමයි මා ලඟ තිබුණු ඒ අධ්‍යාපනය.

මුලින්ම හදපු Cake එක මොන වගේද? රසබර මතක ගොඩක් ඇති ඒ කාලෙ?

මුලින්ම හැදුවෙ Ribbon කේක් එකක්. පාට තුනක් දාලා කරේ. අයිසින් එක කවර් කරගන්න නම් මාර ගේමක් දුන්නා. මුලු දවසක්ම ගියා හැබැයි වැඩේට. හැබැයි හිතුවට වඩා ලස්සනටම වැඩේ වුණා. ඒ විතරක් නෙවේ රසත් සුපිරියටම තිබ්බා. හැමෝගෙන්ම හොද comments තිබ්බා. ඉතින් ගොඩක් සතුටු වුණා.

පවුලෙන් ලැබෙන ශක්තිය මොන වගේද මේ වැඩ වලට?

පවුල තමයි මට තියෙන ලොකුම ශක්තිය අදටත්. පොඩි පොඩි දේවල් මුලින් ටිකක් තිබ්බා මේ තරම් ඉගෙන ගෙන ඇයි කේක් හදන්නේ කියලා. එයාලට ව්‍යාපාර ගැන ලොකු දැනුමක් නෑ. ඒත් පස්සෙ ඒ මතය වෙනස් වුණා. මුලින්ම හැදුව කේක් වල අමුද්‍රව්‍ය පවා ගෙනත් දුන්නේ අම්මියි තාත්තියි. ඒ වගේම මගෙ හොදම යාලුවා නුවන් මතක් කරන්නම ඕන.

Shan Cakes ව්‍යාපාර ජාලයක් විදියට ආරම්භ කරපු විදිය ගැනත් අපි සඳහනක් කරමු.

ඔව් දැනට මගේ ප්‍රධානම ස්ථානය වවුනියාව. ඒ වගේම කොළඹ, කලුතර, ගම්පහ තෝරාගත් ප්‍රදේශ වලටත් මගේ දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව Shan Cake Academy හරහා සිසු සිසුවින්ට කේක් සහා බේකින් සම්බන්ධ පාඨමාලාවන් හැදෑරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මාර්ග ගත ක්‍රමයටත් පාඨමාලා සිදු කරනවා.

අවසාන වශයෙන් අනාගත බලාපොරොත්තු ගැන කතා කළොත්?

ඉස්සරහට ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මං හිතන්නෙ ඒක අපි රහසක් විදියට තියාගමු. හොඳම දේ හරි විදියට නියම කාලෙට කරමු. ඒක තමයි වටිනම දේ කියලා මම විශ්වාස කරනවා.

අද Be Famous කතා බහ රසවත් කරන්න එකතු වුණාට බොහොම ස්තුතියි රොෂාන්. ඔබට අපේ සුබ පැතුම්..!

මේ තරම් වටිනා අවස්ථාවක් මට ලබා දුන්නට්ට ඇත්තටම Be Famous Magazine එකට ස්තුතිවන්ත වෙනවා. ජය වේවා..!

සටහන
කවීෂා හංසනී ගමගේ

Roshan Anuruddha (Shan Cakes)

NIBM FIESTA 2023

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo