#Think #Lifestyle

සිහින යාත්‍රා – 2023 August 06

අද සිහින යාත්‍රාවේ ගමන්මග වැටි ඇත්තේ පසුගිය සති කිහිපය පුරා ලාංකික   සමාජ සන්දර්භය තුළ කතාබහට ලක්වු මතෘකාවක් සහ එයින් පිළිඹිබුවන සමාජ පැතිකඩ පිළිබඳවයි…..

එසේනම් මෙවරත් ඇරයුම් කරමි  සෙනෙහසින් යාත්‍රා කරන්නට

‘මචං ලින්ක් එක නැද්ද’ ඉතින් ඔය වචන ටික ඔබත් අහලා ඇති.නැත්නම් කියලත් ඇති..ඉතින් මොකක්ද ඕකේ තියෙන මහ අරුමය..එහෙමත් හිතලා ඇති ඔය කොයි දේ වුනත් මම අද කියන්න හදන්නෙ  අපි අපිම මෙච්චරම ඇයි මේ ලින්ක් ගැන කතා කරන්නෙ කියලා.කතාවට මුලපුරන්න මං හොඳතැනකින් පටන්ගන්නම් මතකද ගිය සතිවල අපි මාරම බෞද්ධයෝ වුනා..එහෙමත් නැත්නම් අපේ කාලේ ඔහොම නෑ කියන අතීත කාලේ මනෝ පාරක් ගැහුවා..මතකද දන්නැ ඉතින් මොකද මේ දවස්වල කතාව cricket වල acting ගැනනේ.කතාවේ මුලට එනවානම් ඔන්න මේකයි සිද්ධිය.පසුගිය කාලය පුරාම අපි ප්‍රධාන මාධ්‍ය වල වගේම සමාජ මාධ්‍ය හරහාද දැඩි කතාබහක් ඇතිවු මාතෘකාවක් තමයි ‘සුමන සුදත්ත කතා වස්තුව’ ප්‍රධාන ධාරවේ මාධ්‍යන් සදහා හුදෙක් ප්‍රවෘත්තියක් වුනත් සමාජ මාධ්‍යට නම් මේක මහා විශාල කතිකාවතක් ඒ ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.වෙනදා වගේම දෙපැත්ත තුන්පැත්ත විතරක් නෙමෙයි තව තව පැතිවලට බෙදිලා වාදවිවාද තර්ක විතර්ක කරගත්තානේ .

‘මං උඹට කිව්වනේ බං’ වචන දැන් ඉතින් පරන වුනත් කියන්න ඕන,හිතන්න ඕන ටික ලින්ක් හොයපු හැමොම කිව්වානේ. ජන සමාජයක් විදිහට අද දවසේ අපගේ මානව චර්යාත්මක හැඩගැසීම කුමනාකාරයේ සංකිර්ණත්වයක්  ගන්නවාද කියනදේට මේක පැහැදිලි උදාහරණක් කියලා කියන්න පුළුවන්.වසර දහස් ගණනක සංස්කෘතික චර්යාධර්මයන්ට අනුව  හැඩගැසුනු අපගේ සමාජ ක්‍රමයත් එහි සමාජිකයින් ලෙස අපගේ චින්තාවත් මොන විදිහේ පරිණාමයකට පත්ව ඇත්දැයි මෙම සිදුවිම හරහා මෙන්ම එයට අප දැක්වු ප්‍රතිචාරය අනුව තවදුරටත් හදුනාගන්න පුළුවන්.ඇත්තටම අපි මොනතරම්  ව්‍යාජත්වයක් ලෝකයා හමුවේ රඟදක්වන ජාතියක්ද කියලා අපි අපිටම වටහාගන්න හැකියාව ලැබණා කියල කිව්වොත් මම නිවැරදි කියල හිතනවා.එකෙක් දෙන්නෙක් එක්ක නෙමෙයි කීයක් එක්ක හිටියත් අපිට මොකද කියලා හිතන අය වගේම මේක අහස පොළොව නුහුලන අපරාධයක් කියලා නීතිය ක්‍රියාත්මක කරන්න හදපු අයත්  ඒ වගේම සමාජ මාධ්‍ය වීරයෝ වෙන්න හිතපු අයත් කරපු කියපු දේවල් ගැන ආයේ කතා මොකටද.

වැදගත්ම දේ අපි නටපු පිස්සුව තමයි  අපි සැබෑ ලෙසම ලින්ක් හොයහොයා මහන්සි ගත්තෙ අර සංස්කෘතික චර්යාධර්ම මත ඇතිකරගත් සහකම්පන හේතුවෙන් ද නැත්නම් අපි අපි තුළ ම සඟවාගෙන සිටිය හැඟිම් සමුදායක් මුදාහැරිමටද කියලා අපි අපිම සිහිබුද්ධියෙන් කල්පනා කරලා බලන්න ඕන දෙයක්. මේ තරම් වටිනා දර්ශනයක ආභාෂය ගුණාංගයන් සම්මුඛ කරගත්ත ජාතියක් වුනත් අපි ඒ දර්ශනයෙන් දැන් දැන් ගොඩාක් දුරකට ඈත්වෙලා ගිහින් කියන දේ මේවගේ දෙවල් තුළින් යලි යලිත් පැහැදිලි වෙනවා.සමාජයක් පැවැත්ම නැත්නම් හැඩගැසීම කියන්නෙ දෙවියන් වහන්සේ වත් වෙනත් බලවේගයක් වත් නිර්මාණය කරන දෙයක් නෙමෙයි සමාජය නිර්මාණය කරගන්නෙ අපි වගේ වගක් නැතිව එහෙම නැත්නම් අපි සියඹලා ගෙනල්ලම නෑ වගේ කතා කරන එක හරි,එවැනි දේවල් වලට ප්‍රතිචාර දක්වන එක ගැන හරි වඩාත් විචාරමනසකින් කරන්න ඕන දෙයක් තමයි.හැබැයි එහෙම ස්වභාවයක් තවම අපේ සමාජයේ අහලකවත් දකින්න නම් නෑ රැල්ල රැල්ල. එනවා යනවා.

අපි නොදැනිම අපි දැලක පැටලෙනවා කියනදේ තේරුම් ගන්න තාමත් අපිට බැරි වෙලා තියෙනවා කතාවට කියන්නෙත් කැලේ ගහක් නහන්න උදව් කරන්නෙ කැලේ ගහක්මයි කියලා නේ අන්න ඒ වගේ තමයි නොදැනුවත්ව ම අපි විනාශය කරා ඇදගෙන යන්නෙ අපිට වටිනාම දේ කියන එක ගැන වැටහිමක් නැතිකම.හරි වැරද්ද දැක්කත් කවුරුත් ඒ ගැන කතා කරන්න බය වෙනවා මොකද ඒ වගේ අවස්ථාවක තමන් විතරක් තනිවෙයි කියන මානසිකත්වය.වරදක් කියන්නත් බෑ ඉතින් අපිත් නොදැක්කා ගානට ලිස්සලා යන්නනේ හදන්නෙ.අනික තමයි අරහේ මෙහෙමයි මෙහෙ මෙහෙමයි කියලා සලාක දානේට ලැයිස්තු එවනකොටම හදාගන්න තිබ්බ දෙවල් දැන් ඉතින් පොරවෙන් කපලාවත් වෙනස් කරගන්න බැරි එක තමයි.එත් ඉතින් සියලු දේම අනිත්‍යයි කියන ධර්මතාවය ඇතුලේ ඕක විතරක් සදාකාලික  වෙන්න විදිහක් නෑනේ ……

අකුරු පදවැල් මතින් සිහින යාත්‍රාව හසුරවන මම…
කෞෂානී ශාලිකා දිසානායක.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo