#Cooking #Lifestyle

Hammus – Mr. Chef

හවසකට ගැලපෙන්න පහසුවෙන් ගෙදරදීම හදාගන්න පුලුවන්, රස වගේම පෝෂ්‍යදායක කෑම වර්ගයක් අද මම ඔයාලට අරගෙන එනවා. විවිධ රස වලට විවිධ රට වල හදන කෑම වර්ග කන්න කවුද අකමැති..?
ඉතිං අද හදන්න යන්නෙ අරාබි සම්භවයක් සහිත කෑම වර්ගයක්, ලොකු කුඩා කාටත් රස බලන්න පුලුවන්.

අවශ්‍ය දේවල්

  • කඩල 250g
  • තහිනි සෝස් කෝප්ප 1/2
  • සුදු ළූණු බික් 3ක් පමණ
  • දෙහි යුෂ කෝප්ප 1
  • ඔලිව් තෙල් තේ හැඳි 1
  • ලුණු තේ හැඳි 1/2ක් පමණ
  • සූදුරු තේ හැඳි 1/2
  • අයිස් කැට කිහිපයක්

සැරසිලි සඳහා

  • පාස්ලි / කොත්තමල්ලි කොළ
  • තල ඇට

තහිනි සෝස් සඳහා අවශ්‍ය දේවල්

  • පොඩි සුදු ළූණු ගෙඩියක්
  • ඔලිව් තෙල් තේ හැඳි 2
  • ලුණු තේ හැඳි 1/2ක් පමණ
  • සූදුරු තේ හැඳි 1/2
  • තල ඇට තේ හැඳි 1/2
  • Sumac Powder / Paprika Powder
  • වතුර තේ හැඳි 2 – 3 ක් පමණ

සාදන ආකාරය

මුලින්ම අපි කඩල ටික තම්බා ගන්න ඕන. ඊළඟට තහිනි සෝස් එකට අවශ්‍ය දේවල් Blender Jar එකට දාලා හොඳට Blender කරගන්න. සෝස් එක හදලා පැත්තකින් තියලා.

තම්බා ගත් කඩල වලට තහිනි සෝස්, ඔලිව් තෙල්, දෙහි යුෂ, ලුණු, සූදුරු, සිහින්ව කපා ගත් සුදු ළූණු එකතු කරලා අයිස් කැට කිහිපයකුත් එක්ක Blender Jar එකට දා ගන්න. හොඳට ක්‍රීම් එකක පදමට Blender කරගෙන පිළිගන්වන බඳුනට දාගන්න.
කොත්තමල්ලි / පාස්ලි කොළ සහ තල ඇට වලින් සැරසිල්ලක් කර ගන්න පුලුවන් කැමැත්ත අනුව. ඒ වගේම තහිනි සෝස් එකට එකතු කරපු Sumac Powder / Paprika Powder ඕනම Super Market එකකින් මිලදී ගන්නත් පුලුවන්.

දැන් ඉතින් රස බලන වෙලාව..!
ඕනම ක්‍රැකර් වර්ගයක් එක්ක ඔයාටත් Hammus රස බලන්න පුලුවන් තේ මේසයකදි.

ලේසියෙන් පහසුවෙන් ගෙදරදීම හදලා රස ගුණ අපිටත් කියන්න කියලා ඉල්ලනවා. ඊළඟ විශේෂාංගයෙන් නැවත හමුවෙමු. එතෙක් රසවත් මාසයක්..!

Chef
Shashen Malinga

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo