#Interview #Photography

හසිත තිරාජ් – Witty Studio

ආයුබෝවන් හසිත..! කොහොමද Photography ජීවිතේ..?

ඇත්තටම ගොඩක් සුන්දරයි.පිටින් සරලව පෙනුනට වගකීම් ගොඩක් එක්ක කාලය ගෙවිලා යනවා.හැබැයි ඒ වගකීම් සතුටින් භාරගන්න කෙනෙක් මම.දවස පටන් ගන්නෙත් photography වලින්.ඉවර වෙන්නෙත් photography වලින්.ඒ විදියට බලද්දි ජීවිතේම photography තමයි.

හසිත තිරාජ් කියන චරිතය ඇතුළෙ Photography තියෙන්නෙ මොන වගේ තැනකද?

මගෙ ජීවිතේ මගෙ පවුල ඇරුනම ප්‍රධානම දේ තමා photography කියන්නේ.මට මාව අද සතුටින් තියන්න පුළුවන් වෙලා තියෙන්නේ photography වලට.ඒ වගේම මට මගෙ ජීවිතේ ගොඩක් දේවල් ලැබුනෙ photography නිසා. ඉතිම් photography කියන්නේ මගෙ හැමදේම .

මුලින්ම අපි Witty ගැන කතා කරලා ඉමු.

“Witty Studio” බිහි වෙන්න කලින් Photography එක්ක ජීවිතේට ආරම්භයක් ගත්තෙ කොහොමද?

ඇත්තටම මුලින් මට මේ field එක ගැන කිසිම අදහසක් තිබුනේ නෑ . මන් මුලින්ම A/L s ඉවර වෙලා results එනකන් මගෙ යාලුවෙක්ගෙ camera එකකින් hobby එකක් විදියට photos ගන්න ආස උනා. මුලින්ම මන් nature photos , landscape photos තමයි ගත්තේ , පස්සේ portraits photography වලට පුරුදු උනා ,එතනින් පටන් ගත්ත hobby එක තමයි අද මේ තැන ඉන්න witty studio බිහි වෙලා තියෙන්නේ .

Witty කියන නම Brand Name එකක් කරන්න හීන දකින ගමනෙ ලබා ගන්න පුලුවන් වුණ Achievements ගැන මතක් කළොත්?

මගෙම කියල studio එකක් ,මගෙම කියල camera series එකක් , 30K fan base එකක් තියෙන fb page එකක්.ඒ වගේ ගොඩක් දේවල් මන් achieve කරගෙන තියෙනවා අද වෙද්දි .ඒ වගේම තව ගොඩක් achievements ලබාගන්න තියෙනවා මට.මන් හිතෙනවා මට ලැබිලා තියෙන කාලෙත් එක්ක හිතනවට වඩා ගොඩක් හොදට ඒ දේවල් මට ලබාගන්න පුළුවන් වෙයි කියල .

ඒ හැමදේකටම වඩා මගේ page එකට ලැබෙන එක like එකක් comment එකක් පවා achievement එකක් විදිහටයි දැනෙන්නේ…

“Witty Studio” වෙතින් ලබා ගන්න පුලුවන් සේවාවන් ගැනත් අපි සඳහනක් කරමු.

Photography , Videography වලින් පටන් අරන් මේ field එක සම්බන්ධ ඕනෙම service එකක් ලබාගන්න අපෙන් පුළුවන්.

කාට හරි ඔයාලව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් සම්බන්ධ කර ගන්නෙ කොහොමද?

ප්‍රධානම දේ සහ පහසුම දේ විදියට facebook හරහා Witty studio , සහ www.wittystudio.lk අපේ web page එක හරහා වගේම , 071 6304059/070 5039626 යන දුරකතන අංක වලින් whatsapp හෝ call මගින් අපේ සේවාව ලබාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට අපිව ලේසියෙන් සම්බන්ධ කරගන්න පුළුවන්.

Photography කියන කලා ලෝකය හසිතගෙ ඇසින් දකින්නෙ මොන විදියටද?

ඇත්තටම මන් දකින විදියට හරිම ලස්සන, වචන වලින් වටිනාකමක් දෙන්න බැරි ක්ෂේත්‍රයක් තමයි photography කියන්නේ , දකින කෙනාගෙ ඇස අනුව වෙනස් උනත් ඒක හරි ලස්සන විදින්න පුළුවන් හැගීමක් .මන් හිතන විදියට අපි අමරණීය නැති උනත් ඡායාරූපයක් අමරණීයයි.

අවසාන වශයෙන් අනාගත බලාපොරොත්තු ගැනත් අපි මොහොතක් කතා කරමු

කවදහරි ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙම දන්න,ලෝකෙම කතා වෙන brand එකක් විදිහට ‘Witty’ හදුන්වාදෙන එක තමා මගෙ එකම බලාපොරොත්තුව.ඒ වෙනුවෙන් මන් මගෙ උපරිමය කරනවා.

අද කතා බහට එකතු වුණාට බොහොම ස්තුතියි හසිත. ඔයගෙ ඉදිරි ගමනට Be Famous අපි හදවතින්ම සුබ පතනවා.

මං වෙනුවෙන් ඉඩක් වෙන් කළාට Be Famous Magazine එකටත් ගොඩක් ස්තුතියි..! ජය වේවා..!

සටහන
මෙලනි ෆ්‍රිසන්කෝටන්

හසිත තිරාජ් – Witty Studio

Anuththara Upamali Photoshoot

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo