#Story

ඇලන් 8

මේක පුදුම අවනඩුවක් පිරිමි ලමයෝ

මට ඔයාව දැනෙන්නේ
මගෙ ජීවිතයට පායපු හඳ එළියක් වගේ
ඒක ඉර එළියක් කියලා මම නොකියන්නේ
මම ඉරට වඩා ආසම හඳට හින්දා

ඔයාට තියෙන්නෙ හඳක් වගේ
ලස්සන හිනාවකින් පිරිච්ච
බෝල කම්මුල් දෙකක්

මම ආසම ඒ කම්මුල් වල සුවඳ ගන්න °

මොකද බලන්නේ ?

මට ඕන හින්දා !

ඔයා මම දිහා නළලට නළල තියාගෙන
බලාගෙන ඉන්න හැමවෙලාවකම
මගෙ මේ විනාසකාරි හිතෙන්
ඔයාව ඇති වෙනකන් ඉඹිනවා ….. !

මගෙ හිස් පිටු වල තියෙන අකුරු
පැහැදිලි ව පෙනුණ ඇස් දෙකට
මම හරි ආදරෙයි !

මම ආදරේදී ලැබීම කියන දේ
විශ්වාස කරන්නෙ නැහැ !

ඒත් සැනසීම කියන දේ
විශ්වාස කරනවා !

ඔව් මම ඔයා පිට කරන
එක ආදරණීය වචනයකිනුත්
ලොකු සතුටකින් හිත පුරෝගන්නවා !

මම ඔයාට හරි ආදරෙයි පිරිමි ලමයො

ඇලන්,

අපි දෙන්නගෙ මේ කතාව
වචනෙන් වචනයක් ගානෙ
ආසාවෙන් කියවන
ඇස් ගොඩාරියක් මට කතා කරා !

ඒ හැම ඇස් දෙකක්ම දැන් දන්නවා
මගේ ජීවිතේ මට නොලැබුනත්
මට ගැලපෙනම චරිතය
මට හමුවෙලා කියලා !

මම හිතට දැනෙන දේ
අකුරු කරන්න පුරුදු වුනේ
මට යන්තමින්
අවුරුදු 7 ක් පිරෙනකොට

එදා පටන් මේ වෙනකන්
මේ අවුරුදු 15 ට
මම කරපු ලස්සනම අකුරු ද
කියලා හිතෙන තරමට
මගෙ හිත ඔයා වෙනුවෙන්
හරි අපූරුවට ගැලපෙනවා

මොකද මම මේ කරන
හැම අකුරක් ගානෙම
හිත සතුටින් පුරවගෙන
ගලපපු හින්දා !

රසාරි ඉරෝෂණා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo