#Interview #Music #Rising Talents

ඉසුරැ ලියනගේ (Isuru Liyanage) – Interview

සම්ප්‍රදායික කලාව මගින් අලුත් දෙයක් කරන්න . රටට ලබාදෙන්න. උත්සාහ කරන තරැණයෙක් විදිහට ඔහුව හදුන්වා දෙන්න පුලුවන්. ඔහු තමයි ඉසුරැ ලියනගේ.
tik tok වගේ සමාජ මාධ්‍ය ජාලා වල ඔබ ගොඩාක් ජනප්‍රියයි. ඒ ඔබ ලාංකීය දේවල් ,අපේ සංස්කෘතිය ලස්සනට වෙනස් විදිහට ජනතාවට පෙන්වන්න උත්සාහ කරන නිසා වෙන්නැතී ඒ ගැනත් අපි කියමු.

ඔව්.. ඉස්සෙල්ලාම ගොඩාක් පින්. ඒ video එක share කරපු, ඒකට comment කරපු , ඒ video එකේ හරි ලස්සන වචන ලියවිලා තිබුණා. ඇත්තටම ඒ video එකට, සංස්කෘතියට වටිනාකමක් දීපු හැමෝටම ආයුබෝවන් ! කියලා මං ගරැ කරනවා. මගේ නැටුම් ශාස්ත්‍රයට අනුව නර්තන ශිල්පියෙක් තවත් නර්තන ශිල්පීයෙකු මුණගැහුණාම ආයුබෝවන් කියලා ආචාර කරනවා. ඉතින් ඒ video එකට like කරපු, share කරපු, තවත් කෙනෙක්ට බලන්න කියලා comment කරපු, එම නැත්නම් ඒ video එකට යටින් ලස්සන වචන ටිකක් ලියන්න පුලුවන් වුණ , එක එක අදහස් තිබුණා. ඒ හැමෝටම ගොඩාක් පින් .උතුම් ජීවමාන දළදාවේ පිහිට අත්වෙන්න ඕන. මං හිතනවා ඔබ කිව්වා හරී. සංස්කෘතීය තුල වෙනස් දෙයක් වෙනස් විදිහකට අරන් යන්න උත්සාහ කරපු නිසා වෙන්නැතී මගේ රටේ මිනිස්සු ඒ තරම් ආදරයක් දෙන්න ඇත්තේ. ඉතින් මං ඇත්තටම කියන්න ඕන ඒක මගේ විතරක් නෙමෙයී. දවල් පෙරහැරේ කියලා නෑ . රෑ පෙරහැරේ කියලා නෑ. පෙරහැරේ සංස්කෘතිය තුල ඒ පෙරහැර වර්ණවත් කරන්නත්, එහෙමත් නැත්නම් මේ නැටුම් කලාව තුල අනෙකවිධ දුක් විදලා මේ කලාව රැකගන්න දුක්විදින සෑම කලාකරැවෙකුටම දුන්න ලොකු ගරැත්වයක් ඒක සමාජය විසින් . ඉතින් ඒ හැම ගරැත්වයක්ම හැම නර්ථන ශිල්පියෙකුටම බෙරවාදන ශිල්පියෙකුටම අයිති වෙන්න ඕන . ඉතින් ඒ දිපු වටිනාකමට පින්.

ඔයා නර්තනයට වගේම ගායනයටත් දක්ශයෙක් . ඉතින් ඔයා හරිම අපුරැ කලාකමීයෙක්. කොහොමද ඔයා ඔයාගේ දක්ෂතා අදුනගත්තේ?
මං හිතන විදිහට මං පෙරපාසල් කාලයේ ඉදලම ගායනයට දක්ෂයී කියලා මං අදුනගන්නවා. ඒ මගේ පෙරපාසල් කාලයේදී විවිධ ප්‍රසංගයට මට ගීතයක් ගායනා කරන්න හම්බවුණා. නැටුම් වලට ඉන්නවා වගේම නර්ථනයේ යෙදෙමින් ගායනය කරන්න අවස්ථාව හම්බවුණා. ඒ කාලවකවානුව තුල පෙරපාසලේ පෙරපුහුණුවිම් වලදී මට සංගීතයේ පලවෙනි ස්වර 7 ගුරැතුමීය හමුවුණා . ඇය නමින් දිල්හානී. දැනට හම්බන්තොට ශාන්ත මේරී ජාතීක පාසලේ සංගීත ආචාර්යවරියක් විදිහට කටයුතු කරනවා. පෙරපාසල මට හොද අඩිතාලමක් වෙනවා මගේ ගමනට . ඉතින් එතනින් මං මගේ දක්ෂතාවයන් අදුනගන්නවා . මං හිතනව මගේ දක්ශතා වලින් මට ජිවත් වෙන්න මගේ පවුලේ අය ගොඩාක් උදව් කලා කියලා.

ඔයා hiru star ඒ වගේම sirasa voice srilanka වගේ රියැලටී තරග වලට ගියා. සම්බන්ධ වුණා . එවායින් ලැබුණු අත්දැකිම් මොනවද?

hiru star වේදිකාව කියන්නේ වෙනස්ම අත්දැකීමක් ලැබුණු තැනක්. මං පලවෙනි වතාවට ගායන රියැලටී වැඩසටහනක අත්දැකීම ලබාගත්තේ hiru star වේදිකාවේ.ඒ වගේ වේදීකාවක ගායනා කිරිම එක්තරා දක්ෂතාවක් වගේම වාසනාවක්. එක සජීවී ගායන අත්දැකිමක්. අපිට අපේ ගායනයට හොද වටිනාකමක් ලැබෙන්නෙත් සජීවීව. ඒ වේදිකාවේ මං ගායනා කරපු පලවෙනි ගීතය ගොඩාක් කතාබහට ලක්වුණා. ඒක ජනගීතය ආශ්‍රයෙන් තෝරාගත් එකක්. ඒ වගේම The voice sri lanka කියන්නේ international platform එකක්. ඒ වේදීකාවේ මං ගායනා කල පලමු ගීතය වෙනස් ගීතයක්. ඒකත් tik tok වල ගොඩාක් ප්‍රසිද්ධ වුණා. මං හිතන විදිහට මට මේ තරග දෙකෙන් ගොඩාක් අත්දැකිම් , දැනුම ලැබුනා. ගොඩාක් දෙනෙක්ව අදුනගත්තා. වීනීශ්ය මණ්ඩලය, කාර්යමණ්ඩලය, ඒ තරග නිර්මාණ කරපු අය ලොකු සහයෝගයක් දුන්නා. ඒක මගේ ගමනට ලොකු ශක්තියක් . ගායනය සමග ඒ ලැබුණු පෙර පුහුණුවිම් සේරම මට ලොකු සහයෝගයක් මගේ ගමන ඉස්සරහට යන්න.

ලංකාවේ ලාබාලතම මාපිය වන්දනා වැඩසටහන් දේශකයා තමා ඔයා. ඉතින් ඒ ගැනත් අපි අනිවාරෙන්ම කියන්න ඕන.

මගේ ජිවිතේ ආසම පැතිකඩක් ඒක. මොකද මං නැටුමට ආස කලා. එකෙන් කවියට ආස කලා. කවියෙන් ජන සංගීතයට ආස කරන්න පුරැදු වුණා. නැටුම නිසා තමා මං කවියට ආස කරන්නේ. මං නර්තනය තෝරගත්ත නිසා මව්පියන්ගේ ගුණ කියැවෙන ගොඩාක් තැන් හම්බවුණා. මගේ අම්මයි තාත්තායි ගොඩාක් දුක් වින්ද දෙන්නෙක් . අපි ආර්ථික වශයෙන් ලොකු පසුබිමක් තිබුණ අය නෙවෙයී. හැබෙයි මගේ තාත්තා මට කිසි අඩුවක් කලේ නෑ. ඉතින් ඒ නිසාම මං ඒ දෙන්නා විදපු දුක් මගේ ඇස් දෙකට දැක්කා. යම් යම් තැන්වලදී එයාලා එක්ක ඒ දුක බෙදාගන්න පුලුවන් වුණා. ඒ කාලේ අම්මාගේ වෘත්තීය වුණේ දොදොල් පතු ගාන එක. වෙලාවකට ඒ දොදොල් පතු ගාන වෙලාවට අම්මා කන්න ගියාම ඒ වැඩේ කලේ මම. ඉතින් ඒ වගේ ලොකු වෙහෙසක් දැරැවා ජිවීතේ දිනන්න. ඒ නිසාම මං අම්මටයි තාත්තාටයී ගොඩාක් සමීප වුණා. එකත් එක්කම මං සමාජේ දිහා දැක්කා. සමාජේ ඇතුලේ ඉන්න මේ ජෙනරේශන් එකේ මිනිස්ස්සුන්ගේ හිත් ටිකක් වෙනස් කියලා. ඒක නිසා මං ගොඩාක් මා පිය වැඩසටහන් කරන්න ඒ පැත්තට බර වුණා. ඉතින් මං ඒක හරියට කලා. එක නිසා ජනතාව මට දුන්න සම්මානයක් තමයි. ඔවුන් මට ආමන්ත්‍රණය කරන්නේ ලංකාවේ ලාබාලතම මාපිය වන්දනා දේශක පුතුණුවන් විදිහට . ඉතින් මං හරිම ආසාවෙන් දෙමාපියන් ගැන අම්මා තාත්තාගේ වටිනාකම ගැන තවත් දරැවෙක්ට, තවත් සහෝදරයෙක්ට , තවත් සමාජයේ මනුස්සයෙක්ට කියලා දෙන්නේ. ඒ මොකද අපේ ජිවිතේ වටිනාම සම්පත් දෙක තමයි අම්මයි තාත්තායී. මං හිතනවා මං ඒක හරියට කරනවා ඇතී. මං හරි ආසාවෙන් කරන පැතිකඩක් තමා මාපිය වන්දනා වැඩසටහන් කියන්නේ.

ඔබ සම්ප්‍රදායීක වෙස් බැන්දු උඩරට නර්ථන ශිල්පියෙක් . ඒ වගේම ඔබ දරැවන්ටත් ඔබේ ගුරැහරැකම් දෙනවා. තමන් දන්න දෙයක් කෙනෙක්ට කියලා දෙන එක වටිනා හැගිමක් . ඒ හැගීම ආවේ ඇයී?

මම වෙස් නර්ථන ශිල්පියෙක් වෙන්නේ මගේ පලමු පාසල වන හම්බන්තොට මධ්‍යන්මහ විද්‍යාලයේ ඉගෙනගන්නකොට හමුවුණු මගේ ආදරණිය පලවෙනී නර්ථන ආචාර්යතුමීය එහෙමත් නැත්නම් මං ආදරේට කියන්නේ රජීලා අම්මා කියලා. රජීලා සුරම්‍යා ප්‍රියංකර මගේ ආදරණිය ගුරැතුමීය. අම්බලන්ගොඩ තමයී ටීචර්ගේ ගම් ප්‍රදේශය . ටිචර් හම්බන්තොට මධ්‍ය මහා විද්‍යාලයට තමයි පලවෙනී පත්වීම අරන් ආවේ. මං හිතන්නේ ඒ ආපු වෙලාවේ ටීචර් මගේ දක්ෂතාවය දැක්කා. ඇත්තටම ටිචර් ලගින් ඉදගෙන ජිවිතේ ගැන හරි ලස්සනට කියලා දුන්නා. ටීචර්ගේ කටහඩ හරි ලස්සනයී. ටිචර්ගේ ඒ කටහඩ නිසා තමයි මං කවියට හරි හරියට ලං වෙන්නේ. ටිචර් ගොඩාක් මහන්සි වුණා. අපිට වටිනාකමක් දෙන්න. මං හිතන්නේ ටීචර් සාර්ථකයී. ඒක නිසාම ටීචර්ගේ පලවෙනි වෙස් මංගල්‍යයේ වෙස් නර්තන ශිල්පියෙක් වෙන්න මට පුලුවන් වුණා. එදා රජීලා ප්‍රියංකර ගුරැතුමියගෙන් හදාරලා. ඊටපස්සේ එතුමියට ස්ථාන මාරැවක් ආවා. ටිචර්ගෙන් පස්සේ මට ගුරැහරැකම් දෙන පිරිසක් මුණගැහුණා. අනිවාරෙන්ම මතක් කරන්න ඕන උසස් අධ්‍යාපනයට මං ගිය පාසල ශාන්ත මේරී ජාතික පාසලේ මට නර්තනය උගන්වපු ලසන්තී පලදසිංහ ගුරැතුමියමිය. ඒ වගේම බෙරවාදන ශිල්පය උගන්නපු දේවාලගම සමන් ගුරැතුමා. ඊටපස්සේ ටීචර්ගෙන් පස්සේ මට සමස්ත ලංකා තරග වලට යන්න . මගේ නර්තන වින්‍යාසයන හරිගස්සගන්න උදව් වුණා. මගේම අප්පච්චි කෙනෙක් වුණා. මට මේ තරම් දුරකට යන්න මහ දැනුමක් දුන්න අයෙක් තමයී දෙබරවැව ජාතික පාසලේ මේ වනවිට නර්තන ආචාර්ය ජනක දිලන්ත සර් . ඉතින් සර් ලොකු උදව්වක් වුණා මගේ ජිවිතේට ඒ වගේම තව ගොඩාක් අය හිටියා. කුරැණෑගල සුපුන් සාලීත අයියා. එතකොට දික්වැල්ලේ රන්සූ ධර්මප්‍රිය අයියා. මේ වගේ ගොඩාක් අය එකතු වෙලා තමයි මේ ඉසුරැ ලියනගේ කියන නැට්ටුවා නිර්මාණය වෙන්නේ . ඉතින් මං පහතරට නර්තන සම්ප්‍රදාය වගේම උඩරට නර්තන සම්ප්‍රදායත් හැදැරෑවා. ඒ වගේම උඩරට නර්ථන සම්ප්‍රදායට ආස කරන්න . ගොඩාක් දුරට මං සාර්ථකත්වය ලබාගත්තේ උඩරට සම්ප්‍රදාය නිසා. ඒ මං වගේම ගුරැහරැකම් දෙන දරැවෝ පිරිසක් ඉන්නවා. ඇත්තටම ඉගෙනගන්න ආස ගොඩාක් දරැවෝ ඉන්නවා. ඇත්තටම අපිට කලාව තුල ඉස්සරහට ගමනක් යනකොට ගොඩාක් බාධක එනවා. ඉතින් මගේ දරැවෝ මගේ ගෝල බාල පිරිස ඒ ගැන දන්නවා. මොකද මං ඒවාට මුහුණ දුන්න කෙනෙක් විදිහට මං හැමදෙයක්ම ඒ දරැවෝ එක්ක බෙදාගන්නවා. ඉතින් මට හිතෙනවා මට හොද ගෝල පිරිසක් ඉන්නවා කියලා. ඒ වගේම හොද මිනිස්සු පිරිසක් ඉන්නවා. දක්ෂ නර්තන ශිල්පීන් , බෙරවාදන ශිල්පීන් ඉන්නවා. ඉතින් ඒ අය මට ලොකු හයියක් . මං ආස කරන්නේ දවසක මගේ රටේ බිහිවුණ ඒ ලස්සන සංස්කෘතික කලාවෙන් මිනිස්සුන්ට ජිවිතේ කියලා දෙන්න. මනුස්සයෙක්ව වැටුණු තැනකින් නැගිට්ටවන්න , ශක්තියක් වෙන්න පුලුවන් කලාවක් මේක. ඉතින් ජීවීතේ වටිනාකම කියලා දෙන්න පුලුවන් සුන්දර දේවල් තියෙන විශ්වභාෂාවක් මේක . එහෙම කලාවක් මේ නර්තනය. ඉතින් මං ආසයි මේ රටේ තවත් කෙනෙක් මේ උතුම් කලාව ඉගෙනගන්නවට මොකද දළදාව අපී ඉරහද පවතින තුරා රැකගන්න ඕන. පෙරහැර කරන්න ඕන . ඒ උතුම් දළදා වහන්සේගේ සධාතුක කරඩුව ගෙන යන ඒ පෙරහැරේ පෙරගමන් යන නැට්ටුවෙක් වෙන්න හැමෝටම බෑ. කොසබා දේයිහාමුදුරැවන්ගේ හැට හත්කට්ටුව පුද ලබන. කොසබා දෙයිහාමුදුරැවන්ගේ ඒ කියන්නේ මලය රජතුමාගේ සුසැට ආභරණ වලින් කොටසක් මෙහෙම බැද දවටාගෙන රන්මිණි ඔටුනු පලදාගන්න හැමෝටම බෑ. ඉතින් ඒ දේ මට කෙනෙක්ට උදාකරලා දෙන්න පුලුවන් නම් ඒක මට ලොකු භාග්‍යයක් වගේම පිනක්. මගේ හැකියාවෙන් මේ රටට හොද හැගිම් දැනිම් තියෙන ලස්සන කලාකරැවන් පිරිසක් බිහිකරන එක තමයි මගේ ආසාව.

ලාංකීය සංස්කෘතිය, අපේ දේ අභාවයට යන්න නොදී රැකගන්න නම් . මොනාවාද වෙන්න ඕන. මේ සමාජයේ ඔයා හිතන විදිහට

අවසානේට ඔයා අහපු මේ ප්‍රශ්නයට මං ගොඩාක් කැමති. මං කෙලින් කතාකරන්න ආස කෙනෙක්. හොද දේ අපි හොදයි කියන්න ඕන . නරක දේ නරකයි කියන්න ඕන. දැන් ඉන්න ජේනරේශන් එකේ මිනිස්සු හරිම හොදයී. දැන් ඉන්න තරැණ තරැණියෝ තමයි ඒ video එක ගොඩාක් share කරලා තිබ්බේ . ඉතින් එයාලා share කලේ අපේ දේ. ඒ තරැණ හදවත් හරිම වටිනා හදවත්. ඉතින් එහෙම මිනිස්සු ඉන්න කාලේම අපේ සංස්කෘතීය අමු අමුවේ මරන , විනාශ කරන මිනිස්සු කොටසක් ඉන්නවා. එයාලාගෙන් අත් දෙක එකතු කරලා වැදලා ඉල්ලනවා. පෙරහැර සංවිධායකවරැන්ගෙන් හා පෙරහැරවලට නර්තන කණ්ඩායම් ගෙනයන ගුරැවරැන්ට. ඔබ ගෙන යන කලාවට සහ නර්ථනයට සාධාරණයක් ඉශ්ට කරන්න. මොකද ඊට උචීත බෙරවාදන කණ්ඩායම්, ගී අනුඛණ්ඩ, දැහැන් කණ්ඩායම් ඒවා යොදාගත යුතු නර්තන අංග තියෙනවා. ඉතින් ඒවා හරියට අදුනාගෙන කටයුතුකරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමා පෙරහැර සංවිධායකවරැන්ට කියනවා කියනවා. මගේ රටේ නර්ථන සංස්කෘතිය හරි වටිනවා. ඒ සංස්කෘතිය උඩරට , පහතරට ,සබරගමු කියන සම්ප්‍රදායන් තුනට හිමිකම් කියනවා. ඒ සම්ප්‍රදායන් තුනේම විවිධාකාර නර්තනාංගයන් තියෙනවා. මං හිතන විදියට දළදා පෙරහැර, රැහුණු කතරගම මහා දේවාල පෙරහැර , රත්නපුර සමන් දේවාල පෙරහැර මීට හොද නිදසුන්. හොදට මතක තියාගන්න. මං දකිනවා සමාජේ දැන් තුවක්කු පවා අරගෙන විවිධ නැටුම් කණ්ඩායම් බිහිවෙලා තියෙනවා. පෙරහැරේ ගමන් කරනවා. මං දන්න විදිහට පෙරහැර කියන්නේ බුද්ධාගමීක සංකල්පයත් එක්ක ගමන් කරන සංස්කෘතික මංගල්‍යයක් . ඉතින් ඒක තුල කඩු නැටුම යන්නේ අපේ හෙළයේ වීරත්වය පෙන්වන්න. කඩු නැටුම ගියා කියලා T 56 ක් තුවක්කුවක් අරගෙන යන නර්තන කණ්ඩායමක් පෙරහැරකට ගැලපෙනවද කියලා හිතන්න අනිවාරෙන්ම .මොනයම් දෙයක් මේ කලාව වෙනුවෙන් කරනවා හොදට හොයලා බලලා හිතලා වැඩකලොත් මේ සංස්කෘතීය රැකගන්න පුලුවන්. මං දකිනවා කලාවේ ඉන්න මිනිස්සුන්ගේ පොඩී අඩුපාඩුවක්. ඒ තමයී දක්ෂයෙක් බිහිවෙන්න ඉන්නවා නම් ඒ දක්ෂයාව ඉක්මනින්ම වට්ටන්න හදන එක. කෙනෙකුගේ පුද්ගලික ජිවිතේට වඩා එයාගේ දක්ශතාවය අගය කරන්න. මොකද පුද්ගලික ජිවිතේ අදාල වෙන්නේ ඒ කෙනාට විතරයී. ඉතින් ඒ පුද්ගලික ජිවිතේන් අපිටවත් රටටවත් හානියක් නැත්නම් ඒ ගැන හොයන්න එපා. ඒ ජිවිතෙන් කලාවට හානියක් වෙනවා නම් ඒ කලාවට වෙන හානිය මොකක්ද කියලා විතරක් හොයන්න. ඒ වගේම මේ කලාව මුදලට විකුණන්න යන්න එපා. තවත් කෙනෙකුට මුදලට විකුණනවාට වඩා මේ කලාවට වටිනාකමක් එකතු කරන්න. නර්තන ශිල්පියෙක් හෝ කණ්ඩායමක් ගන්නකොට ගාන කියද කියලා අහනවට වඩා වැඩි වටිනාකමක් ඒ නර්තන ශිල්පින් එකතු කරනවා. දවල් පෙරහැරේ ගිනි අව්වේ කකුල් පිච්චී නටන ඒ නැට්ටුවෝ ඇසට හරි මිහිරියි. ඒ මිහිර කාලයක් යද්දී නැතිවෙයි කියලා හිතට බයයි. එහෙම වෙන්න දෙන්න එපා. ලංකාවේ හොද හදවතක් තියන තරැණ පිරිසක් ඉන්නවා. ලංකාව පුරාම හොද හිත් තියන මිනිස්සු ටිකක් ඉන්නවා . අනේ ඒ මිනිස්සු හරි මේ සංස්කෘතිය රැකගෙන අලුත් දේවල් කරමින් මේ සංස්කෘතිය ඉස්සරහට අරගෙන යන්න ඕන. අලුත් තාක්ෂණයත් එක්ක එක්කහුවෙලා ඉදිරියට ගෙන යන්න ඕන හැබේ අපේ දේට හානියක් නොකර. දිනන්න හදන මිනිස්සුන්ට දිනන්න. එයාලාගේ හීන පාට කරන්න උදව් කරන්න . එයාලාගේ සතුට දැකලා සතුටු වෙන මිනිස්සු ප්‍රමාණයක් බිහිවෙද්දී අපේ රට දිනයී.

ස්තූතීයී.. ඉසුරැ හරවත් කතාබහකට Be famous එක්ක එකතු වුණාට

thank you Be famous මාව මෙවන් කතාබහකට සම්බන්ධ කරගත්තාට

මෙලනී ෆ්‍රිසන්කෝටන්

ඉසුරැ ලියනගේ (Isuru Liyanage) – Interview

Dimi3 – Interview

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo