#Interview #Business #Modeling #Rising Talents

සචින් උශේර (Sachin Ushera) – Interview

ලංකාවේ manager තනතුරක් දරන ලාබාලතම පුද්ගලයා ඔහු. ඒ වගේම ඔහු ක්‍රීකට් ක්‍රීඩාවට ප්‍රිය කලාකරැවෙක්.

සචින් උශේර සිල්වා ඉතින් කොහොමද මේ දවස්වල ?

මේ දවස්වල ව්‍යාපාර කටයුතු , කලා කටයුතු වගේම ක්‍රීඩා කටයුතු සමබරව කරගෙන යනවා.කලාව පැත්තෙන් ගත්තොත් ලගදීම telecast වෙන්න නියමිත ටෙලීනාට්‍යයක ශුටීන් කරනවා. ව්‍යාපාර වලට ලොකු බරක් දීලා මේ දවස්වල වැඩ ටික කරගෙන යනවා.

සචින්ගේ ළමා කාලය ගැන විස්තර ටිකක් කියන්නකො.

මගේ පුංචීකාලේ මතකයන් ගැන කතාකලොත් ගොඩාක් මතකයන් තියෙන්නේ පාසල් කාලයත් එක්ක. එක වසරේ ඉදන් O/L වෙනකන් මං ඉගෙනගත්තේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ. ක්‍රීඩා කටයුතු නිසා මං ශාන්ත පීතර විද්‍යාලයට මාරැ වෙනවා 2019දී. මගේ අනාගත වැඩකටයුතු වලට පාසල් දෙකම මට ලොකු අඩීතාලමක් වුණා. ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මං 15න් පහල ක්‍රීකට් කණ්ඩායමේ කැප්ටන් වුණා. ඒ වගේම පාසලේ ශීෂ්‍ය නායකත් වුණා. පාසලේදී මං අධ්‍යාපනයට මුල්තැන දුන්නා වගේම බාහීර කටයුතුවලටත් සම්බන්ධ වුණා .

පුංචි වයසකින් සචින් මැනේජර් කෙනෙකුත් උනා නේද. ඒ ගැන මොකද හිතෙන්නෙ ?

එක මං පුංචීකාලේම මගේ දෙමාපියන්ට තිබුණු ලොකු හීනයක්. විශේෂයෙන්ම එක මගේ තාත්තාට මං ගැන තිබුණු ලොකු බලාපොරොත්තුවක් මගේ තාත්තා යුනියන් ඇශුවරන්ස් සමාගමේ අවුරැදු 28ක් Senior personal financial manager කියන තනතුර දරනවා. ඉතින් මගේ තාත්තාට ඕන වුණේ එයා ඒ දරන තනතුරත් එක්ක මාවත් ඒ වගේ ලොකු තැනකට ගේන්න. පුංචී කාලේ ඉදන්ම එයා මට commerce කරන්න කිව්වා. managing path එක ගැන කියලා දුන්නා . තාත්තායි අම්මයී මං පස්සෙන්ම ඉදන්ම මාව මේ තැනට එක්කගෙන ආවා. ඉතින් තාත්තා කිව්ව විදිහට වැඩකරපු නිසා වගේම මං සපුරාගත් අධ්‍යාපන සුදුසුකම් වල ප්‍රතීපලයක් විදිහට මං යුනියන් ඇශුවරන්ස් කළුතර ශාඛාවේ sales manager තනතුරෙහී වැඩ කරනවා.

සචින්ගේ ක්‍රිකට් ඇකඩමි එකේ අලුත් විස්තර මොනවද ?

මොරටුවේ තියෙන සචීන් ක්‍රිකට් ඇකඩමිය තමා මගේ ක්‍රීකට් ඇකඩමිය. Google , youtube search කරලා හොයාගන්න පුලුවන් ලංකාවේ ගොඩ දෙනෙක් දන්න ක්‍රිකට් ඇකඩමීයක්. මේකේ නිර්මාතෘ වුනේ මගේ සීයා. මගේ සීයාට ලොකු හීනයක් තිබ්බා මාව ලංකාවේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් මං වෙනුවෙන් ක්‍රිකට් ඇකඩමියක් හදලා මං පාසලෙන් ඉවත්වන තුරැම මාව එකේ පුහුණු කලා. පාසලෙන් මං අයින්වෙනවත් එක්කම සියලු දෙනාටම පුහුණු වෙන්න පුලුවන් විදිහට එක විවෘත කලා. අපේ ඇකඩමීය මේ වන විට යම් යම් ශුරතා අනුශුරතාවයත් දිනලා තියෙනවා . ඒ වගේම ජාතික තලය නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් මගේ ඇකඩමියෙන් බිහිවෙලා තියෙනවා. ඇකඩමියට ඇවිල්ලා තියෙනවා. ක්‍රීඩා කරනවා. පුහුණු විම් කරනවා . ඒක මගේ ඇකඩමියට ලොකු ගරැත්වයක් .

ව්‍යාපාර හැරුනම සචින් කලාවටත් ගොඩක් කැමති කෙනෙක් නේද ?

ඇත්තටම ව්‍යාපාර කියන දේ මං කරන්නේ ආර්ථික වශයෙන් ශක්තීමත් වෙන්න. මගේ බලාපොරොත්තුව ලංකාවේ දක්ෂ නලුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. මං එකට අඩිතාලම දාගෙන යනවා. මේ වන විට මං ටෙලීනාට්‍ය කීපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. රංගනයට මට මුල්ම පියවර තියන්න හම්බුණේ බිමල් ජයකොඩි මහතා නිසා. ඔහු නිසා තමා මට ස්වර්ණවාහීනීයේ විකාශනය වූ පාරවසා ඇත ටෙලිනාට්‍යයට මුලින්ම අවස්ථාව හම්බුනේ. ඔහුට අමතරව ප්‍රවීණ රංගන ශීල්පිනී සුජානී මේනකා, නව පරපුරේ දක්ෂ රංගන ශිල්පීනී සවීනී යකුපිටිය වගේම අතී දක්ෂ රංගන ශිල්පී නාලක දලුවත්ත වැනි බොහෝ අය මට කලා කටයුතු සාර්ථක කරගන්න උදව් වෙනවා. මං IMPAS ආයතනයේ රංගනය හදාරලා තියෙනවා. IMPAS කියන්නේ සද්ධාමංගල සූරීයබණ්ඩාර මහතා විසින් නිර්මිත කලාකරැවන්ට , කලාකාරීණීයන්ට, අධ්‍යක්ෂකවරැන්ට , නිවේදක නිවේදීකාවන්ට ලොකු තෝතැන්නක් වූ තැනක්. IMPAS නිසා මට මේ වන විට ස්වර්ණාවාහීණීයේ විකාශනය වන සල්ලී පොකුරැ නාට්‍යයට රංගන වරම් ලැබිලා තියෙනවා.ඒ වගේම මං බාස්කර් ප්‍රකාශ්ගේ BK dancing crew එකේ නර්තනය හදාරනවා.

අපි දකිනවා සචින් ක්ෂේත්‍ර ගණනාවකින් ඉස්සරහට යන්න උත්සහ ගන්න තරුණයෙක් විදියට . කොහොමද මේ හැමදේම සමබරව කරගෙන යන්නෙ ?
මේ හැමදේම සමබරව කරගෙන යන්න මට ලොකු සහයෝයක් දෙනවා මගේ පවුලේ අය. මගේ ක්‍රීඩා කටයුතු වලදී සීයා මට ලොකු සහයෝගයක් දෙනවා. තව මගේ ලගින්ම ඉන්න යාලුවෝ උදව් කරනවා. ක්ශෙත්‍රයේ ඉන්න යාලුවෝ කලා කටයුතු වල වැඩ අතපසු වෙන්න යනවා නම් ඒවාට උදව් කරනවා. ඉතින් හැමදේම සමබරව කරගෙන යන්න මම උත්සාහ කරනවා.

සචින්ගෙ පවුලෙ තව කවුද ඉන්නෙ?

මගේ පවුලේ ඉන්නේ මං ,අම්මා, තාත්තා ,නංගී සහ මල්ලී. විශේෂයකට තියෙන්නේ මායි නංගීයී නිවුන්නූ. විනාඩී දෙකක් තමා නංගී මට වඩා බාල. අපේ පවුලේ ඉන්නේ අපි පස් දෙනා විතරක් උනාට ආච්චීලා සීයලා එක්ක අපී ළගින්ම ආශ්‍රය කරනවා.

සචින්ගේ වැඩවලට පවුලෙ අයගෙනුත් උදව් ලැබෙනවා ඇති.
මට පවුලේ හැමෝගෙන්ම උදව් ලැබෙනවා.මගේ හැමදේම සමබරව කරගෙන යන්න . විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ මාමාව . ඔහු නමින් අනුෂ් පෙරේරා. ඔහු HNB බැංකුවේ සේවය කරන්නේ . මං මුලින්ම වැඩ කලේ HNB බැංකුවේ . ඔහු නිසා තමා මට ඒ අවස්ථාව හම්බවුණේ. ඔහුත් මට ගොඩාක් උදව් වෙනවා මගේ ජිවිතේ අනාගතය ගොඩනගාගන්න. ක්‍රීඩා කටයුතු වලදී මගේ ලගීන්ම ඉන්නේ සීයා. මගේ මෙතෙක් ක්‍රීඩා ජිවිතයේ මට හම්බවුණ මුල්ම ක්‍රීඩා ගුරැවරයා ඔහු.

සචින්ගේ අනාගත බලාපොරොත්තු ගැනත් අපි ටිකක් කතා කරමු.
ව්‍යාපාර පැත්ත ගත්තාම මං දැන් ඉන්නේ යුනියන් ඇශුවරන්ස් කළුතර ශාඛාවේ sales manager තනතුරේ. මගේ බලාපොරොත්තුව එහි Genaral manager කෙනෙක් වෙන්න. මට ඊට අවශ්‍ය මගේ අධ්‍යාපන සුදුසුකම් සපුරාගනිමින් ඉන්නේ. අධ්‍යාපනීක වගේම වෘත්තීය සුදුසුකම් එක්ක යුනියන් ඇශුවරන්ස් සමාගමේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. කලාව පැත්තෙන් ගත්තාම මට ඕන ප්‍රවීන ලංකාවම හදුනන දක්ශ ජනප්‍රිය රංගන ශිලිපියෙකු වගේම අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. ක්‍රීඩාව පැත්තෙන්නුත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. කෙනෙක්ට හිතෙන්න පුලුවන් තුනක් කොහොමද එකට කරන්නේ කියලා. ඉතින් මේ තාක් කාලයක් කටයුතු කලා වගේම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

ඔයාගේ Birthday party එකත් ගොඩාක් ප්‍රසිද්ධයී මේ දවස්වල . ඒ ගැනත් කතාකරමු.

ඒ මගේ අවුරැදු 21 උපන්දිනය . මගේ අම්මයි තාත්තායි තමයි ශැන්ග්‍රිලා හෝටලයේ එක සංවිධානය කරලා තිබුණේ. ඒකට බිමල් ජයකොඩි , සුජානී මේනකා, සද්ධාමංගල සුරීයබණ්ඩාරගේ පුත් ඉදුවර සුරියබණ්ඩාර ,සචීන් චතුරංග , සවීනී යකුපිටිය වගේ ලංකාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පින් ශිල්පිණියන් සහභාගී වුණා. ඉතින් ඒ birthday party එක gossip chaneel වල social media වල ගොඩාක් viral වුණා.

ඒ වගේම ඔයාගේ tik tok එකකුත් දැන් ලංකාවේ ජනප්‍රියයී.

ඔව් ඒ සවීනී යකුපිටිය එක්ක කරපු tik tok video එක . එයා මගේ හොදම යෙහෙලීය. එයා එක්ක කරපු ඒ tik tok video එකට 170k views වගේම 12k likes තියෙනවා. ඒ විඩීයෝ එක ලංකාව ඇතුලේ ඒ තරම් ජනප්‍රිය වෙලා තියෙනවා.තව කියන්න දෙයක් තියෙනවා සවීනී කියන්නේ මගේ හොදම යෙහෙලිය මගේ පෙම්වතිය නම් නෙවෙයී.

සචින්ගේ වයසේ ඉන්න අනිත් තරුණ සහෝදර සහෝදරියන්ට දෙන්න පණිවිඩයක් තියෙනවද ?
මම ලංකාවේ ලාබාලතම manager වුණේ පොඩි කාලේ ඉදන්ම මගේ දෙමාපියන් කිව්ව පාරේ ගිය නිසා. කලාව පැත්තෙන් ගත්තම මං ඒ තැන ඉන්නේ රංගන කටයුතු වලදී මට උදව් කරපු මිනිස්සු එක්ක එකට අත්වැල් බැදගෙන ඔවුන් කියු ඒ මාර්ගයේ ගිය එක .අපි හැමෝටම ලොකු ඉලක්කවලට යන්න පුලුවන් . අපි හැමෝම හැමෝටම ආදරේ කරන්න ඕන . අපිව රිද්දපු , වට්ටපු මිනිස්සුන්ට අපි ආදරේ කරන්නම ඕන. මගේ ජිවිතේත් ඒ වගේ මිනිස්සු හිටියා . මං ඒ මිනිස්සුන්ට ගොඩාක් ආදරේයි වගේම මං එයාලාට කවදාවත් නපුරැකම් කලේ නෑ . මං මේ වෙනකොට මෙතන ඉන්නේ මාව රිද්දපු , මාව වට්ටපූ , ඔයාට මේ දේ කරන්න බෑ කියලා හිනාවුනු මිනිස්සු නිසා . එයාලා ඒ කරපු කියපු දෙයින් මං අධිෂ්ඨාන කරගත්තා මං කවදාහරි එයාලා ඒ බෑ කිව්ව දේවල් කරලා පෙන්නනවාමයි කියලා. ඉතින් මගේ වයසේ ඉන්න තරැණ අයට කියන්න තියෙන්නේ . ඔයාලාට කවුරුහරී මේක කරන්න බෑ කියලා ඔයාට හිනාවුනොත් එයාට බනින්න යන්න එපා. තරහ වෙන්න යන්න එපා. ඔයා අධිෂ්ඨාන කරගන්න. වචනයෙන් නෙමේ ඒ දේ ක්‍රියාවෙන් කරලා පෙන්නනවා කියලා . එතකොට දවසක අනිවාර්යයෙන්ම ඔයාට හිනාවුණ ඒ මිනිස්සු ලගට ගිහින් ඔයාට හිනාවෙලා මං මේ තැන ඉන්නේ කියලා කියන්න පුලුවන් විදිහේ සාර්ථක මනුස්සයෙක් වෙන්න . මං මගේ ජිව්තේ දී විශ්වාස කරන්නේ මගේ අම්මායි තාත්තායි මට දෙන ඒ ආදරේ . මං ආදරේ කියලා දැන්ම පෙම් සබදතාවක් පටන් ගන්න හිතන්නේ නෑ. මොකද මට ඊට වඩා මගේ ඉලක්ක වැදගත් නිසා. ඉතින් මගේ වයසේ තරැණ අයට වගේම පොදුවේ හැමෝටම මට කියන්න තියෙන තව දෙයක් තමයි ඉලක්ක සපුරා ගන්න කලින් ඔයා පෙම් සබදතාවකට මුල් තැන දෙන්න එපා . මොකද අද ඉන්න කෙනා හෙට නැති වෙන්න පුලුවන් . ඉතින් ඔයාගේ ඉලක්ක වලට වැඩි බර දිලා වැඩ කරන්න .
ඉතින් සචින් ඔබේ ඉලක්ක සපුරාගන්න ඔබට වාසනාව , ශක්තිය ලැබෙන්න කියලා Be Famous අපි ප්‍රාර්ථනා කරනවා.

ස්තූතියි Be famous .මං වෙනුවෙන් කාලය වැය කලාට.

මෙලනී ෆ්‍රිසන්කෝටන් .

Leave a comment

Your email address will not be published. Required fields are marked *

logo